සංගමයේ නව තරුණ ආරක්ෂිත අවකාශයේදී පැවැත්වූ මෙම වැඩසටහන සඳහා තරුණ තරුණියන් 13 දෙනෙකු, මාකලෝසා සිහින පාසලේ ගුරුතුමියන් දෙදෙනා සහ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සහභාගී වූ අතර, මෙය සියලුදෙනාගේම දැනුම සහ අවබෝධය පුළුල් කළ අවස්ථාවක් විය.
මනුෂ්‍යත්වය සහ ගෞරවය පෙරදැරි කරගෙන භාවිතා කළ යුතු නිවැරදි භාෂා භාවිතය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන්ම 'ආබාධිතයා' හෝ 'අසරණයා' වැනි වචන වෙනුවට 'ආබාධ සහිත පුද්ගලයා' වැනි ගෞරවනීය යෙදුම් භාවිත කිරීමේ වැදගත්කම සහභාගී වූවන් හොඳින් වටහා ගත්හ.
විශ්වීය සැලසුම්කරණය (Universal Design) සහ සාධාරණ නවාතැන් (Reasonable Accommodation) වැනි සංකල්ප මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සමාන අවස්ථා ලබාදිය හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් විය. ශ්‍රී ලංකාව පිළිගත් ජාත්‍යන්තර බැඳීමක් වන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCRPD) පිළිබඳව දැනුවත් කිරීම මගින්, මෙම ක්‍රියාවලියේ ඇති නීතිමය වටිනාකම ද සහභාගී වූවන්ට අවබෝධ විය.
ඉන් අනතුරුව, මාකලෝසා සිහින පාසලේ ගුරුතුමියන් විසින් තම ප්‍රායෝගික අත්දැකීම් බෙදාගනිමින්, සමාජයේ පවතින භෞතික සහ ආකල්පමය බාධක මගහරවා ගැනීමට ගත හැකි පියවර පිළිබඳව මෙන්ම ආබාධ සහිත දරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන් එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් පිළිබඳව ද තරුණ තරුණියන් සමග බෙදා ගන්නා ලදී.
තරුණ පරපුර තුළ ඇති වූ මෙම ධනාත්මක ආකල්පමය වෙනස, අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීමට අනාගතයේදී සංගමය සිදු කරන්නාවූ කටයුතුවලදී විශාල ශක්තියක් වනු නොඅනුමානය.




No comments:
Post a Comment