Saturday, July 25, 2026

Getting Used to Daily Life මාකලෝසා සිහින පාසලේ දරුවන් දෛනික ජීවිතයට හුරුවීම

2026 ජූලි 24 වැනි සිකුරාදා දින මාකලෝසා ඇදුරු මණ්ඩලය, දෙමාපියන් දෙදෙනෙකු සහ දරුවන් 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් දෛනික ජීවිතයේ සේවාවන් පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීම සඳහා කෙටි සංචාරයක නිරත වූහ. එහි ප්‍රථම අදියර ලෙස පමුණුගම පොලිස් ස්ථානය වෙත ගිය දරුවන්ට මහජන ආරක්ෂාව සඳහා පොලීසිය ඉටු කරන සේවය සහ එහි විවිධ අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව නිලධාරීන්ගෙන් මනා අවබෝධයක් ලබා ගන්නා ලදී.

අනතුරුව බෝපිටිය කොමර්ෂල් බැංකුව නැරඹීමට ගිය පිරිස ඉතා ආදරයෙන් පිළිගත් බැංකු කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, බැංකුවක මූලික ක්‍රියාපටිපාටීන්, ඉතුරුම්වල වැදගත්කම සහ ගනුදෙනු සිදුවන අන්දම ප්‍රායෝගිකව පෙන්වා දුන්හ. ඉන්පසු බැංකු කාර්ය මණ්ඩලය විසින් ලබා දුන් ආහාර පාන සංග්‍රහයෙන් දරුවෝ සිය විඩාව නිවා ගත්හ.

අවසාන වශයෙන් බෝපිටිය පොළ භූමිය නරඹමින් විවිධ දෑ මිලදී ගැනීමට දරුවන්ට අවස්ථාව උදා විය. එක් නගරයකින් මහජනතාවට සැපයෙන විවිධ සේවාවන් පිළිබඳව ප්‍රායෝගික දැනුමක් දරුවන්ට අත්පත් කර ගැනීමට මෙම චාරිකාව මහඟු අවස්ථාවක් විය.

On Friday, July 24, 2026, a group consisting of the Makalosa teaching staff, two parents, and 9 children engaged in a short excursion to gain practical knowledge about everyday community services. As the first phase of their visit, they went to the Pamunugama Police Station, where the children gained a great understanding from the officers regarding the services rendered by the police for public safety and the functions of its various departments.

Following that, the group visited the Commercial Bank in Bopitiya, where they were warmly welcomed by the branch manager and the staff. The staff simply explained the basic procedures of a bank, the importance of savings, and practically demonstrated how financial transactions take place. Afterwards, the children refreshed themselves with the food and beverage treats provided by the bank staff.

Finally, the children had the opportunity to visit the Bopitiya fairgrounds and purchase various items. This excursion served as a wonderful opportunity for the children to acquire practical knowledge about the different services provided to the public within a single town.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip