පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන අධ්‍යාපනික සහ විනෝදය චාරිකාව 2025 නොවැම්බර් 15 වන දින උදෑසන 5.45 ට සෙත්තප්පාඩුව දේවමාතා මණ්ඩපය ආරම්භ විය. මේ සඳහා මාකලෝසා සිහින පාසලේ සහ YMCA ළමුන් ළමුන් 31 දෙනෙකු, කාර්ය මණ්ඩලය, තරුණ තරුණියන් සහ දෙමාපියන් ඇතුළු 40 දෙනෙකුගේ පිරිසක් සහභාගී වූහ.
පළමුවෙන් කළුතර බෝධිය දැක බලා ගත් අතර, එහිදී ස්තූප ව්‍යුහය සහ බෞද්ධ ඉතිහාසය පිළිබඳව දැනුම ලැබිණි. අනතුරුව, රිච්මන්ඩ් කාසලය වෙත ගොස් ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය හා පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය ගැන අධ්‍යයනය කළෙමු.
කොස්ගොඩ කැස්බෑ අභිජනනාගාරයේදී කැස්බෑ සංරක්ෂණ පිළිබඳව ඉගෙන ගත්තෙමු. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය නැරඹීමෙන් අපගේ සංස්කෘතික උරුමය හා ශාන්තිකර්ම ඉතිහාසය පිළිබඳව දැනුම ලැබීම විශේෂ අත්දැකීමක් විය. දවල් ආහාරය ලබාගත්තේ සුන්දර පැරෑලිය මුහුදු වෙරළේදී ය. ඉන් අනතුරුව පැරැලිය පිහිටි සුනාමි කෞතුකාගාරය නිරීක්ෂණය කර, සුනාමි ඇතිවන විද්‍යාත්මක ක්‍රියාවලිය හා 2004 අනතුරේ තොරතුරු පිළිබඳව දැනුම ලබා ගත් අතර, පැරෑලිය දුම්රිය අනතුරේ ඉතිහාසයද දැන ගන්නා ලදී.
අවසන් ගමනාන්තය වූ ගාල්ලට සවස 5.00ට ළඟා වී, ගාලු කොටුව තුළ කාලය ගත කර, එහි ඓතිහාසික වැදගත්කම සහ යටත් විජිත ඉතිහාසය පිළිබඳව තවත් කරුණු ඉගෙන ගන්නා ලදී. සවස 6.30 ට කොටුවෙන් පිටත් වූ අතර, රාත්‍රී 9.15ට නැවත නිවෙස් වෙත පැමිණීමත් සමඟ සියලු සැලසුම් සාර්ථකව අවසන් විය.
මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ හා යටත් විජිත ඉතිහාසය, සොබාදහම් සංරක්ෂණයේ වැදගත්කම, සහ සංස්කෘතික උරුමය පිළිබඳව වැදගත් දැනුමක් ලබා ගැනීමට හැකි විය.



No comments:
Post a Comment