පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හි ළමා සාමාජික සාමාජිකාවන් සහ බාලදක්ෂයින් සහභාගි වූ කුබ් තරඟාවලියක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී නොවැම්බර් මස 19 වන දින පැවැත්විණ. මේ සඳහා දරුවන් 33 දෙනකු කණ්ඩායම් 11 ක් යටතේ තරග කරන ලදී.
ලීක් ක්‍රමයට පැවැති පළමු වටයෙන් පසු අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සිහන්ස, සුගීත, විශ්ව සමන්විත කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. අනුශූරතාවය දිනා ගත්තේ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ හි සනිඳු, අනුහස් සහ හිරුෂි ඇතුළු කණ්ඩායමයි.
මෙම කුබ් තරගාවලිය හුදෙක්ම ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, සංගම් දෙකේ දරු දැරියන් අතර සහයෝගිතාව, සුහද සම්බන්ධතා, විනෝදය සහ සතුට වර්ධනය කළ අර්ථවත් දිනයක් ලෙසින් සනිටුහන් විය. ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හැකියාවන් සහ පෞරුෂ වර්ධනය වෙනුවෙන් තරුණ ක්‍රිස්තියානි සංගමය නිරන්තරයෙන් කැපවී සිටින බවට මෙම ඉසව්ව සාක්ෂි දැරීය.



No comments:
Post a Comment