Monday, August 11, 2025

එක්ව අත්නොහැර – YMCA ළමා කඳවුරු 2025

2025 අගෝස්තු 8 සිට 10 දක්වා පමුණුගම YMCA විසින් "එක්ව අත්නොහැර" ළමා කඳවුර සංවිධානය කරන ලදී. මෙම කඳවුර සඳහා  බාලදක්ෂයින් 22 දෙනෙකු සහ මාකලෝසා සිහින පාසලේ අබාධ සහිත ළමුන් 8 දෙනෙකු සහභාගී වූහ. කඳවුරේ සියළු ක්‍රියාකාරකම් මෙහෙය වීම සඳහා තරුණ නායක නායිකාවන් දස දෙනෙකු, කාර්ය මණ්ඩලය නියෝජනය කළ පස්දෙනකු සහ දෙමාපියන් තිදෙනෙකු සහය ලබාදුන්හ. කඳවුරේ ප්‍රධානතම අරමුණ වුයේ සියලු දෙනා එක්ව කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම මෙන්ම නිවාඩු කාලයේ විනෝදයෙන් දරු දැරියන්ට කාලය ගත කිරීමට අවස්ථාව ලබාදීමයි.   
1 වන දිනය – අගෝස්තු 8

කඳවුර ආරම්භවූයේ කඳවුරු භූමිය සූදානම් කර ගැනීමෙන් සහ දිවා ආහාරය සූදානම් කිරීමෙනි. ඉන් අනතුරුව ආරම්භක රැළිය පැවැත්වූ අතර දරුවන් කණ්ඩායම්වලට බෙදා කඳවුර පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. ඉන්  අනතුරුව දරුවන් විවෘත ක්‍රියාකාරකම් කිහිපයකට එක් විය. එහිදී ඔවුන් කඳවුරු බැනරයන් පිංතාරු කිරීම, කැරෝකේ ගීත ගායනා කිරීම සහ කඳවුරු ක්‍රීඩා මුල්ලෙහි සූදානම් කර තිබූ ක්‍රීඩා සඳහා සම්බන්ධවීම සිදුකෙරිණ. සන්සධ්‍යාවේ දී දරුවන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපති අජිත් හෙට්ටිආච්චි මහතා විසින් නායකත්ඟිවය ලබා දුන් කඳවුරු ගීත සැසියකට සහභාගි වීමෙන් අනතුරුව චිත්‍රපටයක් නරඹන ලදී.   

පළමු දිනයේ පින්තූර සඳහා ක්ලික් කරන්න

2 වන දනය – අගෝස්තු 9

දවස ආරම්භ වූයේ උදේ රැලිය සහ සේවා කාර්යයන් වේ සිදු කිරීමත් සමඟින. පසුව, දරුවන් සේද උයන වෙත පාගමනින් සහ බෝට්ටුවෙන් සංචාරයක නිරත විය. කණ්ඩායම් දෙකක් ලෙස ඔවුන් මෙම පා ගමනට එක් වූ අතර පළමුවෙන්ම බෝට්ටුවෙන් ගමන්ගත් කණ්ඩායමක් නැවත පැමිණීමේ දී පා ගමනින් පැමිණි අතර පාගමනින් ගිය කණ්ඩායමක් බෝට්ටුවෙන් නැවත කඳවුරු භූමිය වෙත ළඟාවෙන ලදී. මේ අතර මාකලෝසා සිහින පාසලේ දරුවෝ කඳවුරු භූමිය අසල පිහිටි අමලූනා හෝටලයේ පිහිනුම් තටාකයයේ විනෝදයෙන් කාලය ගත කළහ. දිවා ආහාරය පසු, විනෝද ක්‍රීඩා සැසියක්  පැවැත්විණි. එදින සවස් වරුවේ දරුවන් ගිනි මැල සංදර්ශනයකට එක්වමින් තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කළ අතර නායක නායිකාවන් විසින් ද දරුවන් සතුටු කරමින් ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකරන ලදී  

දෙවන දිනයේ පින්තූර සඳහා ක්ලික් කරන්න

3 වන දිනය – අගෝස්තු 10

අවසාන දිනය ආරම්භ වූයේ උදෑසන රැලිය සහ ආහාරය සඳහා දරුවන් විසින්ම රොටී සකස්කර ගැනීමෙනි. ඉන් අනතුරුව දරුවන් කණ්ඩායම් තුනකට බෙදී දේව වචනය අධ්‍යයනය කළ අතර ඔවුන් උගත් දේව වචනයේ තිබූ කොටස රඟදක්වමින් අනෙක් කණ්ඩායම් සමග බෙදා ගන්නා ලදී. ඉන් අනතුරුව කාලය වෙන් කරනු ලැබූයේ කඳවුරු භූමිය පිරිසිදු කිරීමටය. ඉන් පසු දිවා ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් හතරකට දරුවන් සහභාගි වූයේ කඳවුරේ සිටි නායක නායිකාවන්ගේ සහයෝගය යටතේය. කඳවුරු අවසානයේදී අවසාන රැළිය පැවැති අතර එකිනෙකාට සුබ පතමින් විසිර යන ලදිී 

තුන්වන දිනයේ පින්තූර සඳහා ක්ලික් කරන්න

මෙම කඳවුරේදී සියළු දරු දැරියන් ආහාර සූදානම් කිරීම, පිරිසිදු කිරීම, සංචාරය, ක්‍රීඩා සහ අනෙකුත් සියළු ක්‍රියාකාරකම් සමඟ සහභාගී වීම තුළින් අබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය කිරීම පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීමක් ලබාගත් අතර ආකල්පමය වෙනසක් කරා පුහුණුවීමක් ලබන ලදි. සහභාගීවූ සියළු දෙනා නව මිතුරන්, වැඩි ආත්මවිශ්වාසයක් සහ එක්ව අත්නොහැර යන්නේ සත්‍ය අර්ථය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගත්හ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip