Thursday, June 22, 2023

සනීපාරක්ෂාව පිළිබඳ අභියෝග විසඳීම

කාන්තා සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සහ ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අභියෝග විසඳීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ඩෙන්මාර්කයේ ශාන්ත ජෝර්ජ් බාලදක්ෂ ගිල්ඩ් සමඟ එක්ව දින දෙකක වැඩසටහනක් සංවිධානය කරන ලදී. නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා බෙදා හැරීම සහ ඒවායේ භාවිතය පිළිබඳව ගැහැණු ළමයින් දැනුවත් කිරීම කෙරෙහි මෙම වැඩසටහනේ අවධානය යොමු වූ අතර යහපත් සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු විය. 

2023 ජූනි 20 වැනි දින අලගොල්ලෑව ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වැඩසටහන පැවැත්විණ. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිත කණ්ඩායම, ඩෙන්මාර්කයේ ශාන්ත ජෝර්ජ් බාලදක්ෂ ගිල්ඩ් වෙතින් ලද නොමසුරු අනුග්‍රහය ඇතිව, ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දැරියන් සඳහා නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 100ක් ලබා දීම සිදුවිය. ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය සඳහා වූ මෙම වැඩසටහන් සඳහා පාසලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ සිසුන්ගේ සහයෝගය ලැබුණි.

දෙවන වැඩසටහන පැවැත්වූයේ හොරොව්පොතාන රුවන්වැලි ජාතික පාසලේ සිසු සිසුවියන් සිය දෙනෙකු සඳහා ය. එහිදී ද  සනීපාරක්ෂක තුවා 100ක් බෙදා දෙන ලදී. එම වැඩසටහනද සාර්ථක කර ගැනීම සඳහා විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දුන්නේය.

වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූයේ ගැහැණු ළමයින් සඳහා දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වීමයි. මෙමගින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා නිසි ලෙස භාවිත කරන ආකාරය ඔවුන්ට කියා දුන්නා පමණක් නොව යහපත් සනීපාරක්ෂක පිළිවෙත්වල වැදගත්කම ද අවධාරණය කෙරිණි. 

මෙම වැඩ වැඩසටහන් සංවිධානයකි කිරීමේදී ඩෙන්මාර්කයේ ශාන්ත ජෝර්ජ් බාලදක්ෂ ගිල්ඩ් වෙනුවෙන් මූලිකත්වය ගනු ලැබුයේ ගිත්තෙ ස්ටෙහර් මහත්මියයි.  ඇයට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කෘතඥතාව පුද කිරීමට කැමැත්තෙමු. 

ඉදිරි සතිවලදී පසු විපරම් ඇගයීම් හරහා වැඩසටහනේ සාර්ථකත්වය සමීපව නිරීක්ෂණය කරනු ඇත. ගැහැණු ළමයින්ගේ ඔසප් සනීපාරක්ෂාව සහ කාන්තාවන්ගේ යහපැවැත්ම අගය කරන සහ ප්‍රවර්ධනය කරන සමාජයක් නිර්මාණය කිරීමට තරුණ ක්‍රිස්තියානි සංගමය කැපවී සිටී. එහි එක් පියවරක් ලෙස ඔසප් සෞඛ්‍යය වටා ඇති බාධක බිඳ දමා ගැහැණු දරුවන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට ඔවුන් බල ගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip