Saturday, January 31, 2026

NCYSL තරුණ පුහුණු වැඩසටහන් (LS1 සහ Y Media) සඳහා පමුණුගම තරුණයන්ගේ සහභාගීත්වය

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් “Be Your Best, Live Your Best” යන තේමාව යටතේ 2026 වර්ෂය පුරා ක්‍රියාත්මක කරන තරුණ පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මඟින් YMCA තරුණ තරුණින්ගේ ප්‍රායෝගික කුසලතා සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වේ.

මෙම ජාතික පුහුණු වැඩසටහන් මාලාව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණ තරුණියන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වූ තරුණ ක්‍රිස්තියානි සංගම් වලින් එකකි. 

පළමු පුහුණු වැඩසටහන, LS1 නමින්, 2026 ජනවාරි 17 වැනි දින කොල්ලුපිටිය, ශාන්ත මයිකල් දේවස්ථාන ශාලාවේ පැවැත්විය. මෙම පුහුණුවේදී ජල ආරක්ෂාව සහ CPR (Cardiopulmonary Resuscitation) පිළිබඳ අත්‍යවශ්‍ය ජීවිත රැක ගැනීමේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී. මෙම පුහුණුව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණයන් 6 දෙනෙකු සහභාගී විය.

දෙවන පුහුණු වැඩසටහන, Y Media, පුහුණුව විය. Zoom මඟින් පැවැත්වූ මාර්ගගත සැසි තුනක් ලෙස 2026 ජනවාරි 21, 28 සහ 31 දිනවල මෙම වැඩසටහන පවැත්වින. මෙම පුහුණුව මඟින් මූලික ඡායාරූපකරණය සහ ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එහිදී රූප සැකසුම, ආලෝකය භාවිතා කිරීම සහ ජංගම දුරකථන භාවිතයෙන් මාධ්‍ය කරණය පිළිබඳ අවබෝධයක්  ලබාදෙන ලදි. 

මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් පමුණුගම YMCA තරුණයන්ගේ කුසලතා, විශ්වාසය සහ සමාජ වගකීම තවදුරටත් ශක්තිමත් වන බව අපි විශ්වාස කරමු. තරුණ තරුණියන් සඳහා 2026 වසර පුරාවට මෙවැනි පුහුණු අවස්ථා සලසා දීමට නායකත්වය ගත් ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවට පමුණුගම YMCA සිය කෘතඥතාව පළ කරයි.

Pamunugama Youth Attend NCYSL Youth Trainings: LS1 and Y Media

The National Council of YMCAs of Sri Lanka (NCYSL) is organizing a series of youth trainings under the theme “Be Your Best, Live Your Best” throughout the year 2026, with the aim of equipping YMCA young people with practical skills, and leadership capacity.

A total of 20 youth from YMCA of Pamunugama have registered for this national training programme, making Pamunugama YMCA one of the YMCAs with the highest number of registered youth participants in the country. 

The first training, titled LS1, was held on 17th January 2026 at St. Michael’s Church Hall Kollpety. This session focused on Water Safety and CPR (Cardiopulmonary Resuscitation), providing essential life-saving knowledge and practical skills. Six youth from Pamunugama YMCA participated in this training, gaining valuable awareness that can be applied in real-life emergency situations.

The second training, Y Media, was conducted as a series of three online sessions via Zoom on 21st, 28th, and 31st January 2026. This programme focused on basic photography and mobile photography, helping youth understand visual storytelling, framing, lighting, and the effective use of mobile phones for media work. The training was especially relevant for youth involved in documentation, social media, and communication activities within their YMCA and communities. 7 youth from Pamunugama attended this training. 

Through these trainings, Pamunugama YMCA youth continue to strengthen their skills, confidence, and sense of responsibility. YMCA of Pamunugama extends gratitude to NCYSL for taking leadership to provide these training opportunities for young people in local YMCAs. 

Tuesday, December 23, 2025

Carol Visit කැරොල් සංචාරය

Following an annual tradition, the children of the YMCA of Pamunugama went from home to home singing Christmas carols on 22nd December 2025.

25 children, together with 4 youth leaders, took part in the event. Along with singing carols, they also gave away small gifts to the homes, sharing love and kindness during the Christmas season.

The carol service brought joy to many families and helped spread the true message of Christmas—love, peace, and togetherness. This beautiful tradition continues to strengthen the connection between the YMCA and the community.

සුපුරුදු පරිදි මේ වසරේ ද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් කැරොල් ගායනා කරමින් දෙසැම්බර් මස 22 වන දින සවස් වරුවේ ගම වටා සංචාරය කරන ලදි. 

මෙහිදී ඔවුන් ජේසු උපත හා බැඳුන සාමයේ පණිවුඩය රැගෙන ගෙයින් ගෙට කරොල් ගීත ගායනා කරමින් ගමන් කළ අතර නිවෙස් වල සිටි දරුවන් හට ත්‍යාගද පුද කරන ලදි. 

මේ සඳහා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 25 දෙනෙකු සහ තරුණ නායක නායිකාවන් 4 දෙනෙකු සම්බන්ධ විය.

Saturday, December 20, 2025

වාර්ෂීක විවිධ ප්‍රසංගය 2025

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දුවා දරුවන්ගේ හැකියාවන් එළිදැක්වෙන වාර්ෂීක විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් මස 20 වන දින සංගනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වින. 

මෙහිදී මාකලෝසා සිහින පාසල, පෙර පාසල සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 50 ක් පමණ තම හැකියාවන් ඉදිරිපත් කරන ලදි. ඉතා වර්ණවත් සහ විචිත්‍රවත් රංගන සහ නර්ථන අංගයන් 12 කින් ප්‍රසංගය සමන්විත වූ අතර පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවටම සහභාගීවූවන් අමන්දානන්දයට පත් කරන ලදි. 

සංගමය හා සම්බන්ධ සියළු දරු දැරියන් හට ත්‍යාග ප්‍රධානයද මෙහිදී සිදුවූයේ සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මිත්‍ර කණ්ඩායමකගේ අනුග්‍රාහයෙනි.

මේය නැරඹීමට ගම්වාසීන් සාමාජික සාමාජිකාවන්, අසල්වාසීන් සහ දෙමාපි‍යන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාහී විය. 

මෙම ප්‍රශංගය සඳහා දරුවන් පුහුණු පුරුදු කළ ගුරුතුමියන් හට, දරුවන් සූදානම් කරමින් දායකත්වය දැක්වූ දෙමාපියන් හට මෙන්ම ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සංවිධාන කටයුතු වලින් සහය වූ තරුණ හවුල වෙත මෙන්ම ප්‍රසංගය නරඹමින් දරුවන් දිරි ගැන්වීනට එක්වූ සියළු දෙනා හට සංගමයේ ස්තූතිය. 

ත්‍යාග සපයමින් දායක වූ ඕස්ට්‍රේලියානු හිතවතුන් හටද සංගමයේ විශේෂ ස්තූතිය පිරිනැමේ. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

Annual Concert 2025

The Annual Concert of the YMCA of Pamunugama, showcasing the talents of its children, was successfully held on 20th December 2025 at the Association’s main hall.

Nearly 50 children representing the Makalosa Dream School, Pre-School, and Scout Group took part in the event. 

The concert featured 12 colourful and vibrant performances, including dances and stage items, which entertained the audience for almost one and a half hours.

As customary, the prize distribution ceremony for all children associated with the YMCA of Pamunugama was also conducted during the event, with the generous support of a group of Sri Lankan friends living in Australia.

The programme was attended by more than 200 people, including villagers, YMCA members, neighbours, and parents. 

The Association extends its sincere appreciation to the teachers who trained the children, the parents who supported and prepared them, the Youth Club members who assisted in organizing the event, and everyone who attended and encouraged the young performers. Special thanks are also extended to the friends in Australia for their generous contribution of gifts for the children.

Tuesday, December 16, 2025

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම 2025 නොවැම්බර් 24 සිට 27 දක්වා සිම් ෂා ට්සුයි හි අපේ හිටි හොංකොං YMCA මූලස්ථානයේ පැවති අතර වසර සියයක් මුළුල්ලේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සේවාව සහ ඇදහිල්ලේ ගමන එහිදී සමරන ලදී. 

පමුණුගම YMCA නියෝජනය කරමින් මෙම වැදගත් ජාත්‍යන්තර උත්සවයට සහභාගී වීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා හට ද ආරාධනා ලැබී තිබිණ.  

දින හතරක් පුරා පැවති සැමරුම අතරතුර පැවැති ආරම්භක සංස්කෘතික උත්සවය, YMCA ප්‍රජා සේවාවන් පිළිබඳව දැන ගැනීම සඳහා සංවිධානය කර තිබූ නිරාවරණ චාරිකා, හොංකොං නගරය දැක ගැනීම සඳහා වන චාරිකා, සියවස් සැමරුම් මෙහෙය සහ ප්‍රධාන සැමරුම් රාත්‍රී භෝජනය යන අවස්ථා සඳහා රිද්ම ෆොන්සේකා සහභාගීි වන ලදී . 

මෙම උළෙලට සහභාගි වීම තුළින් රටවල් ගණනාවක තරුණු ක්‍රිස්තියානි සංගම් නායක නායිකාවන් මෙන්ම ලෝක තරුණ ක්‍රිස්තියානි සංගම් එකමුතුවේ සභාපතිතුමිය හමුවීමේ අවස්ථාවද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් වෙත හිමි විය. එහිදී අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීම සහ නව සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. 

සමස්තයක් වශයෙන්, සියවස් සැමරුමට සහභාගි වීමට ලැබීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරි විය. උණුසුම් ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට සංවිධාන කටයුතු වෙනුවෙන් හොංකොං YMCA හි ප්‍රධාන ලේකම් පීටර් හෝ මහතාට සහ සමස්ත සංවිධායක කණ්ඩායමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සිය කෘතඥතාව පළ කරයි.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip