පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දුවා දරුවන්ගේ හැකියාවන් එළිදැක්වෙන වාර්ෂීක විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් මස 20 වන දින සංගනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වින.
මෙහිදී මාකලෝසා සිහින පාසල, පෙර පාසල සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 50 ක් පමණ තම හැකියාවන් ඉදිරිපත් කරන ලදි. ඉතා වර්ණවත් සහ විචිත්‍රවත් රංගන සහ නර්ථන අංගයන් 12 කින් ප්‍රසංගය සමන්විත වූ අතර පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවටම සහභාගීවූවන් අමන්දානන්දයට පත් කරන ලදි.
සංගමය හා සම්බන්ධ සියළු දරු දැරියන් හට ත්‍යාග ප්‍රධානයද මෙහිදී සිදුවූයේ සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මිත්‍ර කණ්ඩායමකගේ අනුග්‍රාහයෙනි.
මේය නැරඹීමට ගම්වාසීන් සාමාජික සාමාජිකාවන්, අසල්වාසීන් සහ දෙමාපියන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාහී විය.
මෙම ප්‍රශංගය සඳහා දරුවන් පුහුණු පුරුදු කළ ගුරුතුමියන් හට, දරුවන් සූදානම් කරමින් දායකත්වය දැක්වූ දෙමාපියන් හට මෙන්ම ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සංවිධාන කටයුතු වලින් සහය වූ තරුණ හවුල වෙත මෙන්ම ප්‍රසංගය නරඹමින් දරුවන් දිරි ගැන්වීනට එක්වූ සියළු දෙනා හට සංගමයේ ස්තූතිය.
ත්‍යාග සපයමින් දායක වූ ඕස්ට්‍රේලියානු හිතවතුන් හටද සංගමයේ විශේෂ ස්තූතිය පිරිනැමේ.
No comments:
Post a Comment