මාකලෝසා පාසලේ දෙමාපිය දිනය 2025 නොවැ.22 ශනිදා පාසල් පරිශ්‍රයේ පවත්වන ලදී. එහි මුඛ්‍ය අරමුණ වූයේ ඉගෙනුම් ඇතුළු වෙනත් ආබාධ සහිත දරුවන් පිළිබඳ දෙමාපිය වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම ය. මෙම වැඩසටහන සඳහා පාසලේ දරුවන්ගේ දෙමාපියන් දොළොස් දෙනෙකු සහභාගි විය.
මෙහි සම්පත්දායක වූයේ මනෝ විශේෂඥ ආචාර්ය ඩග්ලස් හෙට්ටිආරච්චි මහත්මා ය. එහිදී පහත කරුණු සංවාදයට ලක්විය:
- දරුවා තේරුම් ගැනීම
- අවශ්‍ය ප්‍රතිකාර හා ඒ සඳහා යොමුවිය යුතු තැන්
- ඔවුන්ගේ අයිතිවාසිකම්
- ඔවුන්ගේ හැකියාවන් දියුණු කිරීමේ ක්‍රමවේද
- ස්වාධීන වීමට ඔවුන් සූදානම් කිරීම
- එල්ලවන සමාජ පීඩනයන් හා හෙළාදැකීම්වලට මුහුණ දීම
උක්ත කරුණු කාරණා සරල හා සුගම අයුරින් සියලු දෙනාටම අවබෝධ වන අයුරින් ක්‍රියාකාරකම් හා සංවාද ඇසුරින් ඉදිරිපත් කෙරිණි. අවසානයේදී දෙමාපියන්ගේ බොහෝ ගැටලුවලට විසඳුම් සංවාද කෙරිණි.
මෙදින මාකලෝසා දරුවන්ගේ දෙමාපියන්ට ඉතා ඵලදායි දිනයක් විය.



No comments:
Post a Comment