පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම: දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම යන ව්යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්රිස්තියානි සංගමය විසින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පමුණුගම තරුණ ක්රිස්තියානි සංගම් ප්රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා දෙමාපියන් 32 දෙනෙකු සහ තරුණ ක්රිස්තියානි සංගමයේ තරුණ සාමාජිකයන් 9 දෙනෙකු සහභාගී වූහ.
මෙම ව්යාපෘතිය UNFPA, FISD සහ NCYSL යන සංවිධාන ත්රිත්වය සමඟ එක්ව පමුණුගම තරුණ ක්රිස්තියානි සංගමය විසින් ක්රියාත්මක කරනු ලබන අතර, එහි අරමුණ වන්නේ ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම තුළින් දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත සහ ධනාත්මක පවුල් පරිසරයක් නිර්මාණය කිරීමයි.
ආචාර්ය ඇලෙක්ස් පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය, දෙමාපියන්ට තම දරුවන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනදා ගැනීමට උපකාරී විය. දරුවන් සමඟ ධනාත්මක ලෙස කටයුතු කිරීම, දරුවන්ගේ හැසිරීම් තේරුම් ගැනීම, දරුවන්ට ප්රතිචාර දැක්වීමේදී තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීම සහ නිවසේදී ආදර්ශමත් දෙමාපියන් වීම සම්බන්ධයෙන් ඔහු මගපෙන්වීම් සිදු කළේය. තවද, තවද සිත සහ කය සන්සුන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සරල ආශ්වාස-ප්රාශ්වාස අභ්යාසයක් ද දෙමාපියන් හට හඳුන්වා දෙන ලදී.
දරුවාගේ හැසිරීම පමණක් දෙස බලා නොසදා, එම හැසිරීම පසුපස ඇති සැබෑ හේතුව, එනම් දරුවා තුළ පවතින හැඟීම්, අවශ්යතා හෝ අත්දැකීම් මොනවාදැයි සොයා බැලීම මෙම සැසියේ ප්රධාන පණිවිඩයක් විය. ඉවසීම, විවෘත සංවාදය, අන්යෝන්ය ගෞරවය සහ ධනාත්මක දෙමාපිය මඟපෙන්වීම යනු ආරක්ෂිත පවුල් පරිසරයක පදනම බව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.
දෙමාපියන් ඉතා උනන්දුවෙන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, සැසිය අවසානයේ බොහෝ දෙනෙක් තම අදහස් බෙදාහදා ගත්හ. වැඩසටහන තමන්ව දැඩි ලෙස සංවේදී කළ බවත්, තම දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට එය පෙළඹවීමක් වූ බවත් කිහිප දෙනෙක් ප්රකාශ කළහ. වඩාත් ධනාත්මක ලෙස දරුවන් ඇති දැඩි කිරීමට අවශ්ය මෙවලම් මෙම සැසියෙන් ලැබුණු බවත් බොහෝ දෙනෙක් පැවසූහ. පවුල්වලට අත්යවශ්ය මෙවැනි වැදගත් මාතෘකා යටතේ වැඩසටහන් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද දෙමාපියන් පමුණුගම තරුණ ක්රිස්තියානි සංගමයට සිය කෘතඥතාව පළ කළහ.
මෙම වැඩසටහන මඟින් සමාජය වෙනස් වීමේ මූලාරම්භය නිවසින්ම සකස් විය යුතු බව නැවත වරක් තහවුරු විය. දරුවන්ගේ අභ්යන්තර ලෝකය තේරුම් ගැනීමට, තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට සහ ආදර්ශවත් මඟපෙන්වීමක් ලබා දීමට දෙමාපියන් දැනුවත් කිරීම හරහා, වඩාත් සමබර පවුල් සංස්කෘතියක් ගොඩනැගීමටත්, දරුවන්ට ගෞරවය, කරුණාව සහ ආරක්ෂාව ලැබෙන සුන්දර පරිසරයක් උරුම කර දීමටත් මෙම ව්යාපෘතිය දායල වේ.




No comments:
Post a Comment