Saturday, September 19, 2026

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට පිටුදැකීම පිළිබඳව දැනුවත්වීන සඳහා කාන්තාවෝ එක්වෙති

​තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා වන තරුණ මැදිහත්වීම" (Youth Action to Prevent GBV) ව්‍යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ පිරිස සහ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ගම්මානයේ කාන්තාවන් 45 දෙනෙක් 2026 සැප්තැම්බර් 19 වන දින  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සකංගම් ශාලාවට රැස් වූහ.

​සමාජ ක්‍රියාකාරකම් හී  සහ YMCA වැඩසටහන් තුළ අත්දැකීම් බහුල  පුහුණුකරුවකු වන අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. මෙම සැසිය ප්‍රධාන මාතෘකා තුනක් යටතේ ක්‍රියාත්මක විය.

  • ​ස්ත්‍රී පුරුෂ සමාජභාවය අවබෝධ කර ගැනීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පය තේරුම් ගැනීම සහ සමාජය විසින් කාන්තාවන්ට සහ පිරිමින්ට පවරනු ලබන භූමිකාවන් සහ අපේක්ෂාවන් හැඩගස්වන ආකාරය.
  • ​හානිකර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සම්ප්‍රදායන් අවබෝධ කර ගැනීම: ගැඹුරින් මුල් බැස ඇති විශ්වාසයන් සහ සම්ප්‍රදායන් කාන්තාවන්ගේ අවස්ථා සීමා කරන්නේ කෙසේද සහ නොසලකා හැරීම් හිංසනයන්ට දායක වන්නේ කෙසේද යන්න.
  • කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම: සවිබල ගැන්වූ කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන් ශක්තිමත් කරන්නේ මන්ද යන්න සහ කාන්තාවන්ට තමන්වම සවිබල ගැන්වීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර.

​මෙම වැඩසටහන හුදෙක් දේශනයකට පමණක් සීමා නොවීය. ක්‍රියාකාරකම් සහ විවෘත සාකච්ඡා හරහා කාන්තාවන්ට තම අත්දැකීම් බෙදා ගැනීමටත්, ප්‍රශ්න ඇසීමටත්, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් අවකාශය හිමි විය. මෙම සාකච්ඡා අදහස් සැබෑ ජීවිතය පිළිබඳ අවබෝධයක් බවට පත් කෙරින.

​වැඩසටහන අවසානයේදී, සහභාගී වූ පිරිස, තරුණ ක්‍රිස්තියානි සංගමය සමග ඉදිරියට කටයුතු කිරීමටත් එය වටා පවතින මානව අහ බෞතීක සම්පත් තම තමන් සවිබල ගැන්වීන සඳහා අවස්තාවක් ලෙස භාවිතා කිරීමටත් එකඟතාවකට පැමිණියෝය. 

​ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා සැමගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වන අතර, හානිකර සම්ප්‍රදායන් අභියෝගයට ලක් කරමින් ආරක්ෂිත සහ වඩාත් සමානාත්මතාවයෙන් යුත් සමාජයක් ගොඩනඟන සංවාදවලට තරුණයන් නායකත්වය ලබාදීම පිළිබඳව තරුණ ක්‍රිස්තියානි සංගම් සාමාජික සාමාජිකාවන් වශයෙන් අපි ආඩම්බර වෙමු.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip