Saturday, June 7, 2025

තරුණ ක්‍රිස්තියානි සංගමයට වසර 181 ක් පිරේ.

ජෝර්ජ් විලියම්ස්

1844 වසරේ ජුනි මස 06 වන දින ලන්ඩන් නුවරදී ජෝර්ජ් විලියම්ස් නම් තරුණයා විසින් ආරම්භ කරන ලද තරුණ ක්‍රිස්තියානි සංගමය මේ වසරේ දී තම 181 වන උපන්දිනය සමරයි.  මීට සමගාමීව ලොව පුරා රටවල් 120 කට අධික ප්‍රමාණයක විහිද තිබෙන රුණ ක්‍රිස්තියානි සංගම් විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණ.  ඒ අතරට එක් වූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයද විශේෂ සැමරුම් වැඩසටහනක් සංගම් භූමියේදී ජුනි මස 7 වන දින පැවැත්විණ. 

මෙහිදීම තරුණ ක්‍රිස්තියානි සංගම් ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සංගමයේ උපදේශක මණ්ඩල සාමාජික අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් සිදු කරන ලදී. එමෙන්ම  ප්‍රධාන ලේකම් විසින් සංගමය මේ මොහොතේ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින වැඩසටහන් පිළිබඳව පැමිණ සිටි සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව සියලුම දෙනා එක්ව මෙම විශේෂ අවස්ථාව සිහිවීම පිණිස සංගමයේ ආදර්ශ ගොවිපලේ පැළ සිටුවීමේ ශ්‍රමදානයකට සම්බන්ධ වන ලදී. 

මෙම වැඩසටහන සඳහා ළමා සාමාජික සාමාජිකාවන්, වැඩිහිටි සාමාජික සාමාජිකාවන් සහ මාකලෝසා සිහිනය පාසලේ දරුවන් සහ දෙමව්පියන් ඇතුළු  50 දෙනෙකු පමණ සම්බන්ධ විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip