Thursday, January 18, 2024

සුන්ෆියෝඩ් ෆෝක් හයි ස්කූල් සහ සොන් ඔග් ෆියෝඩනේ පමුණුගම සංචාරය

සංස්කෘතීන් සහ සුහදත්වය හුවමාරු කර ගනිමින්, ෂෙහාන් කොලඹගේ ගුරුවරයා සහ රෙක්ටර් ජෝන් ඔලව්ගේ නායකත්වයෙන් යුත් සුන්ෆියෝඩ් ෆෝක් හයි ස්කූල්, පමුණුගම YMCA වෙත සංචාරයක් සඳහා එක් විය. මේ සඳහා එම පාසලේ සිසුන් නව දෙනෙකුට අමතරව, සොන් ඔග් ෆියෝඩනේ (SOGN OG FJORDANE) ප්‍රාදේශීය YMCA හි ප්‍රධාන ලේකම් සහ ඔහුගේ බිරිඳ සහ දෙමාපියන් දෙදෙනෙකු ද එක්විය. මෙම කණ්ඩායම ජනවාරි 13 වන දින පැමිණ 17 වන දින උදෑසන පිටත් විය.

මෙම සංචාරය සුන්ෆියෝඩ් ෆෝක් හයි ස්කූල්, සොන් ඔග් ෆියෝඩනේ ප්‍රාදේශීය YMCA සහ පමුණුගම YMCA අතර පවත්නා වටිනාකම් සහ ප්‍රජාවට වෙනුවෙන් දක්වන කැපවීම ප්‍රදර්ශනය කරමින් විවිධ සාරවත් අත්දැකීම් වලින් සනිටුහන් විය.

පමුණුගම, මොරටුව, සහ මීගමුව YMCA ක්‍රීඩකයින් ඇතුළු කණ්ඩායම් 23ක් සහභාගී වූ උද්වේගකර කුබ් තරඟාවලියක් 14 වන දින පමුණුගම YMCA හිදී පැවැත්විණි. නෝර්වේ ජාතිකයන් ඇතුළු 100කට අධික පිරිසක් සහභාගි වූ මෙම උද්යෝගිමත් තරගයේ දී මීගමුව YMCA කණ්ඩායම ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. පමුණුගම YMCA සිය 50 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ක්‍රියාකාරකම් දාමයේ කොටසක් ලෙස මෙය සංවිධානය කර තිබුණි.

15 වැනි දින පිරිස පමුණුගම YMCA හි මාකලෝසා සිහින පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී, ඔවුන් ආබාධ සහිත සිසුන් සමඟ කාලය ගත කල අතර, අවබෝධය සහ සම්බන්ධතාවය වර්ධනය කර ගත්හ. දිවා ආහාරයෙන් පසු නෝර්වීජියානු ජාතිකයන් පිරිස සහ පාසකේ දරුවන්ගේ දෙමාපියන් ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ තමන් ජීවත් වන සමාහයේ පවතින අද්දැකීම් බෙදාහදා ගන්නා ලදි.

16 වන කණ්ඩායම මීගමුව කලපුවේ සුන්දරත්වය අත්විඳිමින් බෝට්ටු සවාරියකට එක්විය. එදිනම සවස සමුදීමේ රාත්‍රී භෝජන සංග්‍රහය YMCA හි පැවැත්විණි. සන්ධ්‍යාව ආරම්භ කිරමින් තරුණ සාමාජිකාවක (ශයිනි) බටනලා වාදනයක් ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සිදු කළ කෙටි ඇගයීම සංචාරයේ වැදගත්කම අවධාරනය කළේය. ඉන් පසු දෙපාර්ශවය අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ත්‍යාග හුවමාරු කර ගන්නා ලදී. Sunnfjord Folk High School හි ශිෂ්‍යයෙකු ඉන් අනතුරුව නෝර්වේ හි කසළ කළමනාකරණය පිළිබඳ තම අත්දැකීම් බෙදාගත් අතර පසුව පරිසරය සඳහා වැඩ කිරීම පිළිබඳ වැඩිදුර සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම කල් පවත්නා මිත්‍රත්වයේ විශේෂයෙන් කැපී පෙනෙන අංගයක් වන්නේ Sunnfjord Folk High School's සහ SOGN OG FJORDANE ප්‍රාදේශීය YMCA විසින් 2023 සිට මාකලෝසා සිහින පාසල සඳහා සහය දැක්වීමට ඇති කැපවීමයි. අර්ථවත් අන්තර්ක්‍රියා සහ බෙදාගත් අත්දැකීම් වලින් පිරුණු මෙම සංචාරය දෙපාර්ශවයටම හොඳ මතකයන් ඉතිරි කර ඇති බවට සැකයක් නැත.

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip