Sunday, November 19, 2023

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ලෝක YMCA YWCA යැදුම් සතිය සමරයි

ලොව පුර YMCA සහ YWCA යන සංවිධාන ලෝක යාච්ඤා සතිය නොවැම්බර් 11 සිට 18 දක්වා සමරනු ලැබුවේ "බීජයේ සිට පීදීම දක්වා: බලාපොරොත්තුව සහ ආදරයෙන් පෝෂනය කිරීම" යන තේමාව කේන්ද්‍ර කරගනිම්නි.

මීට සමගාමීව අමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයද විශේෂ හමුවක් නොවැ. 18 උදෑසන වරුවේ  පවත්වන ලදි. වැඩසටහන් ආරම්භ වූයේ ප්‍රදේශයයේ පවතින වැදගත් තෙත් බිමක් වන මුතුරාජවෙල පිළිබඳ දැනුවත් වීමෙනි. එහි සංරක්ෂණය වෙනුවෙන් කැපවී කටයුතු කරණ දිනූෂ නානායක්කාර මහතා විසින් එම දැනුවත් කිරීම සිදු කරන ලදි.

ඉන් අනතුරුව ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා විසින් කිතුනුවන් වශයෙන් ස්වභාවධර්මය රැකගැනීමේ වගකීම අවධාරණය කරමින් විශේෂ මෙහෙයක් පවත්වන ලදී.  බාලදක්ෂ කණ්ඩායම, තරුණ හවුල ඇතුළු සාමාජිකයින් 45 ක් පමණ මෙම වැඩසටහන සඳහා එක් වූහ.

YMCA වෙනුවෙන් සහ ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේදී අප එකිනෙකා වෙනුවෙන් පැවරී ඇති කාර්යය වෙනුවෙන් මෙහිදී එක්ව යදින ලදි. මෙම වැඩසටහන පරිසරය සුරැකීම සඳහා වන අපගේ සාමූහික වගකීම පිළිබඳ අර්ථවත් මතක් කිරීමක් විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip