Sunday, October 1, 2023

තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA ) සැමවිටම පලස්තීන ජනතාවගේ විමුක්ති අරගලයේ කොටස්කරුවකු විය.

පලස්තීන  ජනතාවගේ විමුක්ති අරගලයට නිදහසින් පසු බලයට පත්වූ ශ්‍රී ලංකාවේ  සෑම ආණ්ඩුවක්ම එක ලෙස සහය දැක්වූ අතර ඔවුන්ගේ ස්වාධීනත්වය සහ රටක් ලෙස ජාත්‍යන්තරය තුළ පිළිගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටියහ. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට මේ රටේ නායිකාව ලෙස සිටිනා කාලවකවානුවේ ඊශ්‍රායලය පලස්තීනුවන්ට කරන පීඩාවන්ට  විරෝධය දැක්වීමට ඊශ්‍රායලය සමග තිබූ තනාපති සබදතාවයන් පවා නතර කර දැමුවාය.

ආන්ඩුව   ඊශ්‍රායලයෙන් යුද සහය ලබා ගැනීම සදහා පලස්තීනය වෙනුවෙන් නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීමට කටයුතු කළ අවස්ථා කීපයකදී මෙරට ප්‍රගතිශීලී කණ්ඩායම් වලින් ආණ්ඩුවට දැඩි විරෝධතාවයක් එල්ල විය.

ශ්‍රී ලංකාවේ  තරුණ ක්‍රිස්තියානි සංගමය

(Sri Lanka YMCA) සැමවිටම පලස්තීන විමුක්ති අරගලයට සහය දැක්වූයේ පීඩිතයාගේ පැත්තේ සිට ගැනීමේ කිතුනු ඉගැන්වීම මත සිටිමිනි.

2022 දී ඩෙන්මාර්කයේදී පැවති තරුණ ක්‍රිස්තියානි සංගම් ලෝක සම්මේලනයේදි සම්මත කරගනු ලැබූ පලස්තීන ජනතාවගේ අරගලයට සහය දැක්වීමේ විශේෂ යෝජනාව නොර්වේ සහ ස්වීඩනයේ තරුණ ක්‍රිස්තියානි සංගම් සමග ඉදිරිපත් කරනු ලැබුවේ  ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගමය වීම විශේෂ අවස්ථාවකි.

1988 සිට පලස්තීන තරුණ ක්‍රිස්තියානි සංගමය සහ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගමය අතර විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූ අතර 2023 සැප්තැම්බර් 30 මීගමුවේදී පැවැත්වූ පලස්තීන කොඩි දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ සරුංගල උත්සවය සහ සංස්කෘතික වැඩසටහනට සෙත්තප්පාඩුව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සම සංවිධායකයෙකු ලෙස සහභාගි විය.

මෙහිදී පමුණුගම සෙත්තප්පාඩුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා පලස්තීන අරගලයට තරුණ ක්‍රිස්තියානි සංගමය සහභාගී ආකාරය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කළ අතර තවදුරටත් එම සහයෝගය ලබා දීමට සහතික විය.

එසේම පසුගියදා තරුණ ක්‍රිස්තියානි සංගමයේ ලෝක සමුළුවේදී සම්මත කරගනු ලැබූ යෝජනාව යථාර්ථයන් කර ගැනීමට තවත් කණ්ඩායම් ඒකරාශ්‍රී කර ගනිමින් පලස්තීන තානාපති කාර්යාලය සමග විවිධ වැඩසටහන් සංවිධානය කිරීමටද යෝජනා කරන ලදි.

අශානෝ 
2023.09.30

Photo Credit: Nikon Studio, Reality Plaza - Ja Ela

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip