Wednesday, July 22, 2020

වාර්ෂික මහසභා රැස්වීම -2020

සහභාගී වූ පිරිස
2020 වර්ෂයට අදාළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් වාර්ෂික මහ සභා රැස්වීම  ජුලී මස 18 වන සෙනසුරාදා දින සංගම් ප්‍රධාන ශාලාවෙිදී පැවැත්විණ. රටෙිහි පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීති රීති හා ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් පැවති මෙම රැස්වීම  සඳහා සංගමයට අයත් සාමාජික සාමාජිකාවන් සහ කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වය හිමිවිය.

වාර්ෂික මහසභා රැස්වීම ආරම්භ කරමින් සංගමයේ අනුශාසකවරයෙකු ලෙස කටයුතු කරන අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් දේව වචනය මෙනෙහි කිරීම සඳහා සහභාගීකයන් යොමු කරවන ලදි. ඉන් අනතුරුව සභාපතිතුමන් විසින් පැමිණි සිටි පිරිස පිළිගනු ලැබු අතර පසුගිය වසර පුරාම සංගමයක් ලෙස අරමුණු හා ඉලක්ක සැබැ කරගැනීම සඳහා කැපවු කාර්යය මණ්ඩලයේ සියඵම දෙනාටත් නන් අයුරින් උපකාර කළ සියඵම සාමාජික සාමාජිකාවන්ටත් සිය ප්‍රණාමය පුද කරන ලදී.

හිටපු සභාපතිතුමා නව සභාපතිතුමන්ට සභපතමින්
තවද 2019 වාර්ෂික වැඩසටන් වාර්තාව සහ වර්ෂයට අදාළ විගණනය කරන ලද වාර්ෂික ගිණුම් වාර්තාව සභාව වෙත ඉදිරිපත් කළ අතර එය සභාවෙි සියඵදෙනා  විසින් ඒකමතිකව පිළිගන්නා ලදී. ඒ සමඟම වසරක් පුරාවට සංගමයේ පාලක මණ්ඩලය නියෝජනය කළ නිළධාරීන් සේවා කාලය නිමා කරමින් සිය නිළ සේවාවට සමුදුන් අතර නව නිළධාරි මඩුල්ලක් ඒ සඳහා තෝරා පතකරනු ලැබීය. ධනුක ජයමාන්න මහතා නව සභාපතීතුමන් ලෙස තේරී පත්විය. පැරණි පාලක මණ්ඩලයේ සමාජික සාමාජිකාවන් බොහෝ පිරිසක් නව වසර සඳහාද පත්වූ අතර තම දූර කාලයන් නිමා කල කැලිසන් ජයකොඩි මහතා සහ සන්ජීවන් ප්‍රනාන්දු මහතා වෙනුවට සංගමයේ තරුණ නායකත්වය නියෝජනය කරමින් ජුඩි හසිත මහතා සහ සංගමයේ කාන්තා නියෝජනය වෙනුවෙන් නෙල්කා ජයරත්න මහත්මිය නවක පාලක මණ්ඩලය සඳහා තේරී පත්විය. 

අනතුරුව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන වැඩසටහනක් වන සැනසුම සුභසාධන සේවය වෙනුවෙන් කැපවී කටයුතු කරන කණ්ඩායම් නායක නායිකාවන්ගේ සේවය අගය කරමින් තිළිණ ලබාදීමක්ද සිදුවිය.

නව පාලක මණ්ඩලය සහ කාරයය මණ්ඩලය
තවද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ විවිධාකාර අංශ යටතේ සේවාවන් ලබන සාමාජික සාමාජිකාවන් තම අදහස් පැමිණ සිටි පිරිස අතර බෙදාගනු ලැබීය. ඒ සමඟ සංගමයේ නව සභාපතිතුමන් විසින් සභාව ඇමතු අතර ඔහුගේ අදහස ලෙස පැමිණෙන සියඵ අභියෝග හමුවෙී නොසැලෙමින් සංගමයේ උන්නතිය වෙනුවෙන් සිය උපරිම කැපවීම හා ශක්තිය  ලබාදෙන බව පැවසීය. ඒ සඳහා සංගමයේ සාමාජික සාමාජීකාවන්ගේ සහයෝගය තමා වෙත හා සංගමය වෙත ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවද දැන්විය.

අවසාන වශයෙන් දෙවිදුන් යදිමින් නව වසර වෙනුවෙන් සුබවාදී ආකල්ප පෙරදැරිව පැමිණ සිටි පිරිස විසිර යනු ලැබුවෙි සුඵ සංග්‍රහයක්ද භුක්තිවිදීමෙන් අනතුරුවය.
වාර්තා කලේඃ චමෝදි

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip