Monday, August 12, 2024

Farewell to a Pioneer

Nimal Ranjith Policalf Fonseka
Date of Birth: 26.01.1952     Passed Away: 08.08.2024

Comrade Ranjith served the people of our community with unparalleled dedication, contributing not only his labor, knowledge, and time but also his financial resources for the development of the YMCA, originally known as Sasthuma, until he was stricken by illness.

In his service, the status or knowledge of the person in need was irrelevant. If there is anyone in this area who has not received help from him, it is likely because they never needed any.
Since the 1970s, he has been a pioneer in the YMCA’s struggle, rallying the youth against social injustices and corruption.

If not for his willingness to shoulder the burdens of establishing projects like the Settappaduwa Devamata Mandapam, the rural bank, the YMCA center, funeral aid service, fisheries, and relief services, this area would have lost many of the blessings it enjoys today.

Though he sacrificed much in taking on these responsibilities, he remained steadfast and unwavering.
The YMCA stands strong today because of pillars like him. It is an honor for all who benefit from his work to bow down in respect for him.

The greatest tribute we can offer to the social activist Ranjith Fonseka is for the current YMCA members to continue upholding the physical and spiritual values that he helped establish.
"I have fought the good fight. I have finished the race. I have kept the faith." (Paul)

With heavy hearts, we bid farewell to not only a pioneering leader but also a dear friend, brother, and source of strength. We wish you a peaceful journey ahead.

H. Shelton Pierce
YMCA Pioneer Member  
Canada  
09.08.2024

පුරෝගාමී සාමාජිකයකුගේ අභාවය

නිමල් රංජිත් පොලිකාෆ් ෆොන්සේකා.
උපන් දිනය:1952.01.26.            සග උපත: 2024.8.008.

සැනසුම නමින් මුලින් හැදින්වූ YMCA ආරම්භයේ සිට අසනීප තත්ත්වයට පත්වන තුරුම එකම ජීව ගුණයකින් එහි උන්නතිය වෙනුවෙන් තම ශ්‍රමය, දැනුම හා කාලය පමණක් නොව මුල්‍යය සම්පත්ද ලබා දෙමින් අපගේ ප්‍රදේශයේ ජනතාවට හැකි උපරිම ශක්තියෙන් රංජිත් සහෝදරයා සේවය කළේය.

සේවය කිරීමේදී ඔහුට සේවය ලබාගන්නා තැනැත්තාගේ දැනහැදුනුම් කම් හෝ උස්මිටිකම් වැදගත් නොවීය. ඔහුගෙන් උපකාරයක් නොලත් අයෙක් මෙම ප්‍රදේශයේ සිටිත් නම් උපකාරයක් අවශ්‍යය නොවන කෙනෙක්ම විය යුතුය.

1970 දශකයේ සිට තරුණයන් දූෂිත සමාජ අසාධාරණයන්ට එරෙහිව බලමුළු ගන්වමින් සැනසුම/YMCA ගෙනගිය අරගළයේ ඔහු පුරෝගාමියෙක් විය.

සෙත්තප්පාඩුව දේවමාතා මංඩපය, ග්‍රාමීය බැංකුව මතු නොව YMCA මධ්‍යස්ථානය,  අවමංගල්‍යාධාර සේවය, ධීවර, සහන සේවා වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ අසීරු කාර්යයන්ට ඔහු උර නුදුන්නා නම් අද බොහෝ දෙන බුක්ති විදින වරප්පරසාද මේ ප්රදේශයට අහිමි වන්නට තිබුනි.

මෙම වගකීම් තම උරහිස මතට ගැනීමේදී ඔහුට බොහෝ දේ අහිමි විය. එහෙත් එයින් ඔහු කම්පා නොවීය.

YMCA ගොඩනැගුනේ ඔහු වැනි කුළුණු මතය. එයින් ඵල ලබන සෑම කෙනෙකුගේම හිස ඔහු වෙනුවෙන් පහත් වීම තමන්ටම කරගන්නා ගෞරවයක් වන්නේය.

වත්මන් YMCA සාමාජිකයන් ඔහුද එක්වී ගොඩනැගූ භෞතික මෙන්ම අධ්‍යාත්මික වූද වටිනාකම් පෙරට ගෙනයාම රංජිත් ෆොන්සේකා නම්වූ සමාජ ක්‍රියාකාරිකයාට කළ හැකි විශාලම ගෞරවය වන්නේය.

"මම යහපත් සටනක් සටන් කළෙමි. දැන් තරගය හමාර කර ඇත්තෙමි. මට හිමි තිළිණය ලැබෙන බව මට විශ්වාසය".  (පාවුළු තුමා).

නායක පුරෝගාමියකු පමණක් නොව මිතුරෙකු, සොහොයුරෙකු හා ශක්තියක්ද වූ ඔබට වේදනා බර හදවතින් පතන්නෙමු සුබ ගමන් !

එච්. ෂෙල්‍ටන් පීරිස් 
YMCA  පුරෝගාමී සාමාජික 
කැනඩාව
2024.08.09

Sunday, August 4, 2024

ආහාර පිළියෙළ කිරීම - Preparing Food

2024 ජූලි 29 මාකලෝසා දරුවන්ට විශේෂ දවසක් වූයේ ඔවුනතින් විශේෂ ආහාර දීසි කීපයක් පිළියෙළ වූ බැවින් ය. එදින් ඔවුහූ ඉතා කදිම ලෙස එළවළු බත්, එළවළු සලාද හා කුකුල් මස් හොද්දක් පිළියෙළ කළහ.

ගුරුවරියෝ දරුවන් එකිනෙකාට කැපීම්, සේදීම් ආදි විවිධ කටයුතු පැවරූහ. වෙහෙස මහන්සියෙන් හා වුවමනාවෙන් කළ මේ කටයුතු හේතුවෙන් අවසන ලද ප්‍රතිඵල වූයේ රසවත් හා ගුණවත් ආහාර දීසි කීපයක් සූදානම් වීම ය. එදින ඒවා භුක්ති විඳි සියලු මාකලෝසා දරුවෝ ඉමහත් සතුටට පත් ව සිටියහ. මහන්සියේ ප්‍රතිඵල කෙතරම් ආස්වාදජනක ද!

29th July 2024 was a special day for Makalause children of YMCA. Because they prepared some special, tasty food dishes: Vegetable Rice, Vegetable Salad and Chiken Curry. Teachers were keen on getting each child to do preparatory works like cutting, chopping, washing. etc. At last they were happy with the outcome which was very tasty. The meal was enjoyed by all at Makalause.

Friday, July 19, 2024

පමුණුගම YMCA නියෝජිත පිරිසක් නෝර්වේහී පැවති ජාත්‍යන්තර මිත්‍රත්ව කඳවුරට සහභාගි වෙති

නෝර්වේහී බ්‍රොනොයිසුන්ඩ් තරුණ ක්‍රිස්තියානි සංගම්  බාලදක්ෂය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද "Friends Across Boarders" මිත්‍රත්ව කඳවුරට පමුණුගම YMCA හි හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.  සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මොරටුව සහ යාපනය නියෝජනය කළ බාලදක්ෂයින් පිරිසක් ද ඇතුළත් විය.

ජූනි 26 වන දින කටුනායකින් පිටත්වූ කණ්ඩායම පළමු රාත්‍රිය ස්වීඩනයේ ගෝතම්බර්ග් නගරයේ ගත කල අතර 27 වැනිදා ඔස්ලෝ නගරයට පැමිනෙන ලදි. එහිදී ඇස්කර් බාලදක්ෂ නායක රොල්ෆ් සහ බාලදක්ෂයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව පිළිගැනීමෙන් අනතුරුව ඔස්ලෝ නගරය දැකබලාගැනීමේ අවස්ථාවද හිමිවිය. දිනකට පසු පැමිණි ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු පිරිස සමඟ ඔස්ලෝ ගුවන් තොටුපොලේදී නැවත එක්වීමෙන් පසු පිරිස දුම්රියෙන් බ්‍රොනොයිසුන්ඩ් වෙත ගියහ.

ජුනි 29 සිට ජූලි 6 දක්වා බ්‍රොනයිසුන්ඩ් හී ඔප්ශූන් ප්‍රදේශයේදී කඳවුර පැවති අට්ගර ඊට ක්‍රියාකාරකම් රැසක්  ඇතුළත් විය.  බාලදක්ෂයින් කූඩාරම්වල ජීවත් වූ අතර දින දෙකක පාගමණක් ද සංවිධානය කර තිබන. එහි කොටසක් කැනූ ආදාරයෙන් ගමන් කිරීමද විශේෂ අද්දැකීමක් විය.  සෑම උදෑසනකම සහභාගී සිටි රටවල ජාතික ධජ ඔසවා උදෑසන රැලිය පවත්වමින් කඳවුරේ දෛණික කටයුතු ආරම්භ කෙරින.  නෝර්වේ, ඉතාලිය සහ ඩෙන්මාර්කය නියෝජනය කරමින් බාලදක්ෂයින් 70ක් පමණ මෙම කඳවුරට සහභාගී වූහ.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත පමුණුගම කණ්ඩායමට චමල්ෂා සහ සහේලි යන දැරියන් දෙදනා මෙන්ම නායිකාව ලෙසින් කාර්ය මණ්ඩලයේ රයිනි ඇතුළත් විය.  මාකලෝසා සිහින පාසලේ මරියෝ සහ හිරුෂාන් යන සිසුන් දෙදෙනා සමග පාසලේ කළමණාකාර අජිත් හැඩ්ලි සහභාගී වූ අතර පමුණුගම YMCA ප්‍රධාන ලේකම් රිද්ම ද සංචාරය සමග එක්වම ලදි.

කඳවුරෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් සතියක් සඳහා බ්‍රොනයිසුන්ඩ් බාලදක්ෂ කණ්ඩායම සත්කාරකත්වය සපයන ලදි. මෙම කාලය තුළ ඔවුන් සැලමන් මත්ස්‍ය අගොවිපලක් නැරඹීමට, තෝර්ග්හටන් යන කන්ද තරනය කිරීමට, සංගීත උත්සවයකට සහභාගී වීම සහ නොර්වේජියානු ෆියෝඩයක බෝට්ටු සවාරියක් අත්දැකීම වැනි අමතක නොවන ක්‍රියාකාරකම් කිහිපයක නිරත වූහ.

මෙම සුවිශේෂී අවස්ථාව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගනයේ නියෝජිතයින් හට ලබාදීම සම්බන්ධයෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය පුදකර සිටිමු.

Pamunugama YMCA Delegation Attend International Friendship Camp in Norway

A group of seven scouts from the Pamunugama YMCA participated in the "Friends Across Borders" Friendship Camp, organized by the YMCA YWCA Scouts of Bronnoysund, Norway. The 15 member Sri Lankan delegation, included scouts from Moratuwa and Jaffna.

The adventure began on June 27th when the Pamunugama group arrived in Oslo via Gothenburg, Sweden. They were warmly welcomed by Rolf, the Asker Scout Leader, and two scouts from Asker. After reuniting with the rest of the Sri Lankan delegation who arrived one day later from Sri Lanka, the group headed to Bronnoysund by train.

The camp, held from June 29th to July 6th, featured a variety of outdoor and team-building activities. Scouts lived in tents and engaged in adventurous activities, including a two-day hike that combined walking and canoeing. Each morning began with a flag hoisting ceremony, fostering a sense of unity and discipline among the participants. The event saw participation from around 70 scouts representing Norway, Italy, and Denmark.

The Pamunugama group, consisting of 7 members, included two young girls, Chamalsha and Saheli, and one female leader, Raini. Also part of the group were two students Mariyo and Hirushan from Makalause Dream School, accompanied by Ajith Hadley, the school's manager, and Ridma, the General Secretary of the YMCA of Pamunugama.

After the camp, the Sri Lankan group was hosted for an additional week by thr Bronnoysund Scouts. During this time, they engaged in several enriching activities such as visiting a salmon farm, hiking to Torghatten, attending a music festival, and enjoying a boat trip in the fjord.

The YMCA YWCA Scouts of Bronnoysund were instrumental in making this event a success. The Sri Lankan delegation expressed their gratitude to their Norwegian hosts for this incredible opportunity. The Sri Lankan scouts returned home with cherished memories and a deeper appreciation for cross-cultural interactions.

තායිචුං තරුණයින්ගේ පමුණුගම සංචාරය

තායිවානයේ තායිචුං තරුණ ක්‍රිස්තියානි සංගමයේ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායනක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම සංචාරය අතරතුර දින දෙකක් ගත කිරීම සඳහා ඔවුන් පමුණුගමට පැමිණියහ.

ජුලි 8 වන දින, ආබාධ සහිත ළමුන් සඳහා වන YMCA පාසලේ සංචාරයකින් වැඩසටහන ආරම්භ විය. සහභාගිවන්නන් දරුවන් සමඟ සෙල්ලම් කිරීම, නැටීම සහ ක්‍රීඩා වල නිරත වෙමින් අර්ථවත් සම්බන්ධතා ඇති කර ගත්හ.  සවස් වරුවේ ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් සමග විනෝද ක්‍රියාකාරකම් සහ  ගිනිමැලයක් සඳහා එක්වින.

පසුදින, සහභාගිවන්නන් සෙත්තප්පාඩුව ග්‍රාමයේ ධීවරයින් භාවිතා කරන තොටුපොලක් පිරිසිදු කරමින් සේවා කටයුත්තක නිරත විය.  සවස් කාලයේදී මීගමුව කලපුවේ සුන්දරත්වය සහ සොබා දහම අගය කිරීමට පිරිස එහි බෝට්ටු සවාරියක නිරත විය. 

පමුණුගම YMCA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ තරුණ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් YMCA පරිශ්‍රයේ පැවති සමුගැනීමේ BBQ රාත්‍රී භෝජන සංග්‍රහයකින් වැඩසටහන අවසන් විය.  සමුගැනීමේ සාදය අතරතුර තායිචූං තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණි.


Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip