Thursday, March 21, 2024

Visit of Students from The Uni. of Kelaniya - කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙන් පිරිසක් මාකලෝසා පාසල බැහැදකී

2024. 03.19 මාකලෝසා දරුවන්ට ඉතා වැදගත් දිනයක් විය. මාකලෝසා පාසලේ මනෝවිද්‍යා උපදේශක ලෙස කටයුතු කරන අසේල පෙරේරා මහත්මා මෙදින මාකලෝසාවට පැමිණියේ කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂ උපාධිය හදාරණ තෙවන වසරේ විද්‍යාර්ථීන් පිරිසක් සමග ය. මුලින් දරුවන් පිළිබඳ පාසලේ ඇති වාර්තා හා ලිපි පරීක්ෂා කළ මේ පිරිස දරුවන්ගේ දවසේ මුල් ක්‍රියාකාරකම්  නිරීක්ෂණය කළහ. 

අනතුරු ව දරුවන් සමග මිතුරු වූ මේ විද්‍යාර්ථීහූ දරුවන් සමග විබිධ ක්‍රීඩා හා ක්‍රියාකාරකම්වලට යොමු වූහ. දරුවන්ගේ මනස දියුණු කරවන අභ්‍යාස ද එම ක්‍රීඩා හා ක්‍රියාකාරකම් තුළ දක්නට ලැබිණි. එදින මාකලෝසා දරුවන්ට මෙන් ම ගුරුවරියන්ට ද අත්දැකීම් බහුල ආස්වාදනීය දවසක් විය.

19th March 2024 was a memorable day for Makalause Dream School. The psycho - social counsellor of Makalause came to the school with a team of undergraduates of the Kelaniya University. They are in the 3rd year and following Psychology Special as their degree. At first they with the guidance of Mr. Asela examined the files of the students and the diagnosis reports.

Then later on they became very friendly with children if Makalause and did a number of activities and games with them. They were all aimed at awakening the mindfulness of the children. Nevertheless they were really enjoyable to the children . For the Makalause it was a day of enjoyment wrapped with knowledge.

Saturday, March 16, 2024

Plastic Awareness Event at YMCA Pamunugama - දැනුවත්ව ප්ලාස්ටික් භාවිතා කරමුඃ දැනුවත්කිරීම

ප්ලාස්ටික් සම්බන්ධව සහ ඒවා භාවිතයේදී ඇතිවන පාරිසරික බලපෑම් කළමණාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී 2024 මාර්තු මස 16 වන දින පැවැත්වින. මේ සඳහා සංගමයේ බාලදක්ශ බාලදක්ෂිකාවන් සහ නායක නායිකාවන් ඇතුළු 35 දෙනෙකු සහභාගී විය.

ලබාගත් දැනුම ඉදිරියේදී භාවිතා කල යුතු ආකාරය පිළිබඳවද දරුවන් දැනුවත් කරන ලදි. එමෙන්ම ඉදිරියේදී ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඉවතලන ද්‍රව්‍ය එක් රැස් කරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කෙරින.

මෙම වැඩසටහ සංවිධානය කරණ ලද්දේ දැනට සංගමය හා එක්ව තම අවසන් වසර ව්‍යාපෘතිය සිදුකරන NISD ශිෂ්‍යාවක් වන දිල්හාරි කාංචනා සොයුරියගේ මැදිහත්වීමෙනි. එමෙන්ම වැඩසටහනේ සම්පත්දායක ලෙස පරිසර ක්‍රියාදර ධනුක සහෝදරයා සම්බන්ධ විය.

On March 16, 2024, the YMCA of Pamunugama hosted a Awareness Program on usage of plastic, its negative impact and how to manage waste, engaging 35 participants, including scouts and YMCA leaders.

Event was led by Dilhari Kanchana, a NISD student currently working with the YMCA to complete her final year assignment. She was supported by environmental activist Dhanuka Nipun who led the awareness part.

Children were empowered with practical knowledge and encouraged to envision their role in a greener future. Discussions included the potential establishment of a collection center for recyclable materials like plastic.

මාකලෝසා පාසලේ දරුවන් තැපැල් කාර්යාලයේ ක්ෂේත්‍ර චාරිකාවක - Makalause Students on a exposure visit to Post Office

පමුණුගම YMCA අනුබද්ධ මාකලෝසා සිහින පාසලේ දරුවෝ පමණුගම තැපැල් කන්තෝරුවට 2024 මාර්තු 7 බ්‍රහස්පතින්දා ක්ෂේත්‍ර චාරිකාවක් ගියහ.

පමුණුගම තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිනිය හා කාර්යාල මහතුන් විසින් අපේ දරුවෝ ආදරයෙන් පිළිගන්නා ලදහ.

එහිදී තැපැල් කාර්යාලයක කාර්යභාරය හා කටයුතු කෙරෙන ආකාරය ගැන ගැන දරුවන්ට පැහැදිළි වන ආකාරයට ඉතා සරලව විස්තර කරන්නට ස්ථානාධිපතිනිය කාරුණික වූවා ය.

ඔවුන් විසින් සූදානම් කළ සංග්‍රහයක් ද භුක්ති විඳි මාකලෝසා දරුවෝ තමන් ලියූ ලිපි තැපැල් මගින් සිය ඥාතීන්ට හා හිතවතුන්ට යවන්නටද කටයුතු කළහ. එදින අධ්‍යාපනික වටිනාකමක් සහිත දවසක් මෙන් ම දරුවන්ට ප්‍රීතිමත් දවසක් ද විය.

On 07 March 2024 the children of Pamunugama YMCA-affiliated Makalause Dream School went on a exposure visit to the Pamunugama Post Office, where they received a warm welcome from the postmistress and staff. 

The postmistress, very kindly introduced the workings of the post office in a manner easily understandable to the children. Additionally, the children were also treated with snacks. Durinh the visit children took the opportunity to send letters to their loved ones via post. 

It was a day with educational enrichment and joy for the children. 12 Children, 2 teachers and the manager of the school joined the visit.

Wednesday, March 6, 2024

මාකලෝසා දරුවන්ගේ දේවස්ථාන සංචාරය - Children of Makalause Visits the Pamunugama Church

මාකලෝසා සිහින පාසලේ දරුවෝ පෙබරවාරි මස 29 වන දින පමුණුගම දේවස්ථානයට ගියහ. එම රමණීය දේවස්ථානයේ විව්ධ ස්ථාන නැරඹූ දරුවෝ මීසම්පති ගරු ශාන්ත සාගර පියතුමා හමුවූහ. පියතුමා දරුවන් සමග සුහද කතා බහකට එකතු විය. එහිදී පියතුමාගෙන් තෑගි ලැබීමට ද මෙම දරුවෝ වාසනාවන්ත වූහ.

The children of Makalause Dream School paid a visit to St. Joseph's Church, Pamunugama on 29 February, 2024. During the visit they had a chance to meet the parish priest, Rev. Fr. Shantha Sagara. Rev. Father was good enough to have a friendly chat with Makalause children. Our children too were fortunate enough to get some valuable and useful presents from him.

Friday, March 1, 2024

Training Program Equips Environmentalists with Mobile Journalism and Cybersecurity Skills

In an attempt to empower environmentalists and youth activists, a training program was conducted at the Janaki Hotel in Colombo on February 28 and 29, 2024. Hosted by the Center for Environmental Justice. The initiative aimed to cultivate effective environmental advocacy through enhanced media skills and cybersecurity awareness.

The program, attended by 20 individuals from diverse regions of the island, commenced with an introduction to media standards and strategies for engaging audiences. Participants received hands-on guidance on mobile journalism techniques, including photography for social media platforms. Moreover, insights into the implications of the recently enacted Online Security Act were provided, fostering discussions on its impact on social media users.

On the second day, the focus shifted to cybersecurity measures essential for safe social media usage. Attendees were briefed on safeguarding against potential risks posed by various social media applications and ensuring the security of personal data, software, and devices. Emphasis was placed on protecting both individual users and their respective communities without compromising privacy.

The culmination of the program involved a reflective dialogue on gender-specific challenges in social media usage, identified through collaborative group discussions. Among the participants were five representatives from the Pamunugama Young Men's Christian Association and express gratitude to Mr. Dinusha Nanayakkara, an environmental activist instrumental who facilitated the  YMCA involvement, and to the Center for Environmental Justice orchestrating the  workshop.

ජංගම මාධ්‍යකරණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ පරිසර ක්‍රියාදරයින් දැනුවත් කෙරේ.

පරිසර ආරක්ෂකයින් සඳහා ජංගම ජනමාධ්‍යකරණය සහ සයිබර් අවකාශයේ ආරක්ෂිතව කටයුතු කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක් පැවැත්වින. දිවයිනෙ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් 20 දෙනෙකු සහභාගීවූ මෙම වැඩසටහන කොලඹ ජානකී හෝටලයේ දී 2024 පෙබරවාරි 28 සහ 29 යන දිනයන් හී පැවත්වින. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම වැඩමුළුව  සංවිධානය කිරීම සඳහා මැදිහත්වී තිබූ අතර ඔවුන් සමඟ ලංකාව පුරා ජාලගතව කටයුතු කරණ විවිධ තරුණ කොටස් හී දැනුම ප්‍රවර්ධනය කිරීම තුළින් ඵලදායී පාරිසරික ක්‍රියාකාරකම් හී යෙදීමට පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණ විය. 

ප්‍රථම දිනයේදී, මාධය කරණයේදී අනුගමනය කළයුතු ප්‍රමිතීන් මෙන්ම ජනතාව ආකර්ෂනය කරගත හැකි විවිධ උපක්‍රම පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කළ අතර සමාජ මාධ්‍ය භාවිතයේදී ජංගම දුරකථනය භාවිතා කර ඡායාරූප ලබා ගැනීම පිළිබඳවද මූලික දැනුමක් ලබාදෙන ලදි. මෑතකදී සම්මත වූ මාර්ගගත ආරක්ෂන පනත සමාජ මාධ්‍ය භාවිතාකරණ ක්‍රියාදරයින් හට බලපාන අකාරය පිළිබඳව ද කෙටි සාකච්ඡාවක් පැවැත්වින. මෙම දැනුවත් කිරීම් සඳහා පහසුකම් සැපයීම හෑශ්ටැග් පරපුර නියෝජනය කළ සාමාජිකයින් දෙදෙනෙකු විසින් සිදු කරණ ලදි. 

දෙවන දිනයේදී අවධානය යොමු වූයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂාව සපයා ගන්නා ආකාරයයි. මෙහිදී සමාජ මාධ්‍යකරණයේදී භාවිතා කරණ විවිධ යෙදවුම් හරහා ඇති විය හැකි අනිසි බලපෑම් මැඩලීම, දත්ත, මෘදුකාංග සහ උපකරණවල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කරණ ලදි. පුද්ගලීකත්වයට බාධා නොවන අයුරින් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයා මෙන්ම ඔහු වටා සිටින කණ්ඩායම් හී ආරක්ෂාව තහවුරි කිරීමේ වැදගත් කම මෙහිදී අවධාරණය කෙරින. වැඩසටහනේ අවසාන සාකච්ඡාව වෙන්කර තිබුනේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම්ව ඇතිවිය හැකි තත්වයන් සහ අභියෝග හඳුනා ගැනීම සඳහායි. එහිදී කණ්ඩායම් සාකච්ඡාවක් තුළින් එම හඳුනා කෙරින.

මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගනය නියෝජනය කරමින් පස් දෙනෙකුගේ කණ්ඩායමකට සහභාගී වීමේ අවස්ථාව උදාවිය. මෙම අවස්තාව ලබාදීමට මැදිහත් වූ පරිසර ක්‍රියාදර දිනූෂ නානායක්කාර මහතාට මෙන්ම වැඩසටහ සංවිධානය කරණු ලැබූ පරිසර යුක්ති කේන්ද්‍රයට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය පිරිනැමේ.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip