Monday, March 25, 2024

සංගමයේ පනස්වන සංවත්සරයට සමගාමී තරුණ කිතුනු මෙහෙවර කඳවුර

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පනස්වන සැමරුමේ තවත් එක්ක වැඩසටහනක් වන  තරුණ කිතුනු මෙහෙවර කඳවුරුදු 2024 මාර්තු මස 22 සිට 24 දක්වා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්විණ. පමුණුගමින් දහතුනක් මීගමුවෙන් තිදෙනෙක් සහ කොළඹින් දෙදෙනෙකු නියෝජනය කරමින් දහ අට දෙනෙකුගෙන් යුත් තරුණ ක්‍රිස්තියානි සංගම් තරුණ සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙම කඳවුර සඳහා සහභාගි විය.  මෙම කඳවුරේ තේමාව වූයේ "ජේසුතුමන් සමග ගමන් කරමු" යන්නයි.

සහභාගි වූවන් පිළිගැනීමෙන් අනතුරුව මුණුගම තරුණු ක්‍රිස්තියානි සංගමයේ තරුණයින් දෙදෙනෙකු විසින් ආරම්භක මෙනෙහි කිරීම සිදුකරන ලදී.ම එහිදී ඔවුන් පෙන්තකෝස්ත දිනයේ සිදුවූ සිදුවීමක් පාදක කරගනිමින් සංවාදයක නිරතවිය. ඉන් අනතුරුව වැඩසටහන පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ අරමුණු පැහැදිලි කර ගැනීමක් සිදු කෙරෙන.

මාර්තු 23 වන දින උදෑසන මෙනෙහි කිරීමක් සමඟ දිනයේ වැඩ කටයුතු ආරම්භ විය. ඒ සඳහා එම් මාවුස් ගමන පිළිබඳව ලූක් සුභාරංචියේ ලියැවී ඇති කොටස පාදක කරගන්නා ලදී. ව්‍යාකූලත්වයක සිටි ගෝලයින් එමමාවුස් ගමන තුළ ජේසුතුමා මුණගැසීම හරහා යම්කිසි පැහැදිලිතතාවයකට සහභාග නිර්භීතත්වයකට එළඹීම මෙම මෙනෙහි කිරීම තුළින් සංවාදයට ගැනිිණ. ඉන් අනතුරුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ පදනම සහ මෙහෙවර පිළිබඳව හඳුනා ගැනීමක් සිදුම් කෙරිණ. මෙහිදී පැරිස් පදනම සිටි තරුණ ක්‍රිස්තියානි සංගම් 2030 දැක්ම දක්වා සංවාදයකට භාජනය කළ අතර ඒවාට පසුබිම් වී ඇති කිතුණු ගුණාංග පිළිබඳව අවධානය යොමු විය. 

එදින සවස් වරුවේ මාර්ටින් කැනරිච් මහතා විසින් ජේසුතුමන් සමඟ ප්‍රායෝගිකව ගමන් කළ හැකි ක්‍රම පිළිබඳව සංවාදයක් මෙහෙයවන ලදී. දේව වචනය පෞද්ගලිකව සහ කණ්ඩායමක් වශයෙන් අධ්‍යයනය සහ මෙනෙහි කිරීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම කීපයක් පිළිබඳව ද තරුණ තරුණියන් දැනුවත් කෙරිණ.

එදින සවස තරුණියන් විවේකීව මුහුදු වෙරළේ කාලය ගතකර අතරි දෙවියන් ගේ මැවිල්ල පිළිබඳව මෙන්ම එම මැවිල්ලේ පංගුකාරයන් වශයෙන් සැබෑ කිතුණුවන් ලෙස ගමන් කිරීම පිළිබඳව මෙනෙහි කිරීමක නිරත විය. 

අවසාන දිනය ආරම්භ වූයේ එක පවුලක් ලෙස සහභාගී වූවන් කැපුම්ගොඩ දේවස්ථානයේ පැවති ගොබ් ඉරු දින දිව්‍යයාගයට සහභාගි වීමෙනි.  ඉන් අනතුරුව තාරුණ්‍ය සහ පාස්කුවේ පිළිබඳව ඉදිරිපත් කිරීමක් ශාන්තිලාල් හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරන ලදී. එහිදී විශේෂයෙන්ම වෙනසක් සඳහා පාස්කුව තාරුණ්‍යයට අභියෝග කරන ආකාරය පිළිබඳව සාකච්ඡාවට ගන්නා ලදී. පාස්කුව තුළ ඇතිවන්නා වූ නැවුම් වෙනස සහ බලාපොරොත්තුවෙන් පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කෙරිණ.

වැඩසටහනේ අවසාන අංගය වූයේ ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීමයි.  ඉදිරියේදී සහභාගි වූ තරුණ ක්‍රිස්තියානි සංගම්යෙහි ළමා සාමාජික සාමාජිකාවන් හට මෙහෙවරක් කඳවුරක් සංවිධානය කිරීමට,  දයාවේ සේවාවක් ලෙස  අඩුපාඩු සහිත පාසලකින්ම අඩුපාඩුවක් පුරවාලීමට කටයුතු කිරීම සහ තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග ඉදිරියේ ශක්තිමත් වූ මුහුණ දීමට අධ්‍යාත්මය ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහනක් සංවිධානය කිරීමට ද එකඟ විය. 

මෙම වැඩසටහන තුළින් සහභාගී වූවන් අතරින් ඉතා යහපත් සබඳතා ගොඩ නැගුණු අතර් කිතුණු මෙහෙවර තරුණු ක්‍රිස්තියානි සංගමය තුළ ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවය න් වඩ වඩා අවධාරණය විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip