Friday, March 1, 2024

ජංගම මාධ්‍යකරණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ පරිසර ක්‍රියාදරයින් දැනුවත් කෙරේ.

පරිසර ආරක්ෂකයින් සඳහා ජංගම ජනමාධ්‍යකරණය සහ සයිබර් අවකාශයේ ආරක්ෂිතව කටයුතු කිරීම පිළිබඳව පුහුණු වැඩසටහනක් පැවැත්වින. දිවයිනෙ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් 20 දෙනෙකු සහභාගීවූ මෙම වැඩසටහන කොලඹ ජානකී හෝටලයේ දී 2024 පෙබරවාරි 28 සහ 29 යන දිනයන් හී පැවත්වින. පරිසර යුක්ති කේන්ද්‍රය මෙම වැඩමුළුව  සංවිධානය කිරීම සඳහා මැදිහත්වී තිබූ අතර ඔවුන් සමඟ ලංකාව පුරා ජාලගතව කටයුතු කරණ විවිධ තරුණ කොටස් හී දැනුම ප්‍රවර්ධනය කිරීම තුළින් ඵලදායී පාරිසරික ක්‍රියාකාරකම් හී යෙදීමට පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණ විය. 

ප්‍රථම දිනයේදී, මාධය කරණයේදී අනුගමනය කළයුතු ප්‍රමිතීන් මෙන්ම ජනතාව ආකර්ෂනය කරගත හැකි විවිධ උපක්‍රම පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කළ අතර සමාජ මාධ්‍ය භාවිතයේදී ජංගම දුරකථනය භාවිතා කර ඡායාරූප ලබා ගැනීම පිළිබඳවද මූලික දැනුමක් ලබාදෙන ලදි. මෑතකදී සම්මත වූ මාර්ගගත ආරක්ෂන පනත සමාජ මාධ්‍ය භාවිතාකරණ ක්‍රියාදරයින් හට බලපාන අකාරය පිළිබඳව ද කෙටි සාකච්ඡාවක් පැවැත්වින. මෙම දැනුවත් කිරීම් සඳහා පහසුකම් සැපයීම හෑශ්ටැග් පරපුර නියෝජනය කළ සාමාජිකයින් දෙදෙනෙකු විසින් සිදු කරණ ලදි. 

දෙවන දිනයේදී අවධානය යොමු වූයේ සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂාව සපයා ගන්නා ආකාරයයි. මෙහිදී සමාජ මාධ්‍යකරණයේදී භාවිතා කරණ විවිධ යෙදවුම් හරහා ඇති විය හැකි අනිසි බලපෑම් මැඩලීම, දත්ත, මෘදුකාංග සහ උපකරණවල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කරණ ලදි. පුද්ගලීකත්වයට බාධා නොවන අයුරින් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයා මෙන්ම ඔහු වටා සිටින කණ්ඩායම් හී ආරක්ෂාව තහවුරි කිරීමේ වැදගත් කම මෙහිදී අවධාරණය කෙරින. වැඩසටහනේ අවසාන සාකච්ඡාව වෙන්කර තිබුනේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදි ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම්ව ඇතිවිය හැකි තත්වයන් සහ අභියෝග හඳුනා ගැනීම සඳහායි. එහිදී කණ්ඩායම් සාකච්ඡාවක් තුළින් එම හඳුනා කෙරින.

මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගනය නියෝජනය කරමින් පස් දෙනෙකුගේ කණ්ඩායමකට සහභාගී වීමේ අවස්ථාව උදාවිය. මෙම අවස්තාව ලබාදීමට මැදිහත් වූ පරිසර ක්‍රියාදර දිනූෂ නානායක්කාර මහතාට මෙන්ම වැඩසටහ සංවිධානය කරණු ලැබූ පරිසර යුක්ති කේන්ද්‍රයට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය පිරිනැමේ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip