Friday, October 9, 2020

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් වෙනුවෙන් එකමුතුව

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මැදිහත්වී කටයුතු කළ හැකි විවිධ ප්‍රදේශයන් හී පිහිටි සංවිධානයන් හී එකමුතුවක් නිර්මාණය කිරීම පසුගිය ඔක්තොම්බර් මස 03 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දී සිදුවිය. 

මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මාකලෝසා සිහිනය පාසල විසිනි. මෙලෙස එක්වී කටයුතු කළ හැකි සංවිධානවල එකමුතුවක් ගොඩනැගීමේ මුඛ්‍ය පරමාර්ථය නම්, විශේෂිත හැකියාවන් සහිත දරුවනට සමාජය තුළ හිමිවිය යුතු සම අයිතීන් සහ වටිනාකම් ඔවුන් වෙත ලඟාකරදීම එකමුතුව කටුයුතු කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සාදා ගැනීමයි. 

මෙම රැස්වීම සඳහා මාකලෝසා සිහින පාසලද ඇතුලත්ව පාසල් 5 ක (නුවර තරුණ ක්‍රිස්තියානි සංගමය, නුවර එළියේ මෙන්කැප්, කපුවත්ත ඩිවයින් කෙයාර් මධ්‍යස්ථානය, රජවත්ත සන්තෝෂා පදනම) ආචාර්යය වරුන් / කළමණාකරුන් සහභාගී විය. 

මෙදින, තම සංවිධාන පිළිබඳව අදහස් බෙදාගැනීමක් මෙන්ම අත්දැකීම් බෙදාගැනීමක් පැමිණ සිටි පිරිස සිදුකරන ලදි. ඊට අමතරව එක්ව කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා වූ අතර එම අදහස් වලට මුල් තැන දෙමින් ඉදිරි වැඩපිළිවලක් සකසා ගැනීමට එකඟ විය. මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳව මාකලෝසා පාසල ඇතුළු පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට පැමිණි පිරිසගේ ප්‍රසාදය හිමිවූ අතර මීලඟ රැස්වීම ඔක්තොම්බර් මස 24 වන දින පැවැත්වීමට තීරණය විය.

Wednesday, October 7, 2020

ළමා දිනය සැමරේ

සෑම වසරකම ඔක්තොම්බර් පළමු දිනය ළමුන් වෙනුවෙන් වෙන කොට ඇති අතර ශ්‍රී ලංකාව පුරා මෙම දිනය උත්කර්ෂවත් අයුරින් සැමරේ. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ද වාර්ෂික වැඩසටහන් කැලැන්ඩරරේ විශේෂ ස්ථානයක් මෙම දිනයට හිමිවේ.

මෙවර සැමරුම පැවැත්වූයේ ළමුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. මාකලෝසා සිහිනය පාසලේ සහ සංගමයේ බාලදක්ෂයින් මේ සඳහා එක්වී සිටියහ.

එදින ළමුන් විවිධ ක්‍රීඩා සහ විනෝද වැඩසටහන් වලට සහභාගී වූ අතර චිත්‍රපටයක්ද නරඹමින් සතුටු විය. 












Children's Day at Pamunugama YMCA

01 of October is considered as the Children's Day in Sri Lanka. Various programmes and activities are organized all over Sri Lanka to mark this day. 

YMCA of Pamunugama also organized a day programme on 01 October, 2020 at the Pamunugama YMCA premises for the children attached to different programme of the YMCA. Around 35 children representing the Makalause Dream School and Scout group were present for the event. 

Children played games, watched a movie, danced and enjoyed lunch together during the day's activities.

















Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip