Monday, October 18, 2021

"දරුවන් වෙනුවෙන් යහපත් ලෝකයක්" මැයින් සංවිධාන කීපයක් එක්ව සැමරූ ශ්‍රී ලංකා ළමා දිනය.

සෑම වසරකම ඔක්තොම්බර් මස 1 වන දිනය ලාංකීය දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නම්කොට ඇති අතර එදින රට පුරා දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වනු ලබයි. කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්වයන් හේතුවෙන් මෙවර සැමරුම් සුපුරුදු පරිදි පැවැත්වීමට නොහැකිවිය. පවතින අභියෝගාත්මක තත්වයන් අභිබවා යමින් දරුවන් වෙනුවෙන් විශේෂිත ඔනලියින් ලෝක ළමා දින සමරු වැඩසටහනක් පැවැත්වීමය සංවිධාන කීපයක් එක්ව කටයුතු කරණු ලැබුවේ කිසිදු තත්වයක් හමුවේ දරුවන් නොසළකා හැරිය නොහැකි බව සියළුදෙනාටම පසක් කරමිනි. 

මේ සඳහා නායකත්වය ගනු ලැබූයේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය, නැප්සෝ, බෝර්න් ටු වින් සහ අසයිලම් ඩෙස්ක් යන සංවිධානයි. ඔක්තොම්බර් මස 15 සහ 16 යන දින දෙක පුරා විවිධ වැඩසටහන් පැවති අතර විවිධ ප්‍රදේශ සහ කණ්ඩායම් නියෝජනය කරමින් දරුවන් 80 ක් පමණ සහ දෙමාපියන් 60 ක් පමණ වැඩසටහන් සඳහා එක්විය. මෙහිදී දරුවන් හට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර, විනෝදය, දැනුම, හැකියාවන් සහ ආකල්ප වර්ධනය වන අයුරින් විවිධත්වයකින් යුතු වැඩසටහන් පැවති අතර දෙමාපියන් වෙනුවෙන්ද ද විශේෂ වැඩසටහනක් පැවැත්වින.

කෙටි ආරම්භක උළෙලකින් වැඩසටහ ආරම්භවූ අතර එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීන රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා එක්වූ අතර විවිධත්වය තුළ ලෝකය අලංකාර වන්නේ කෙසේද යැයි දරුවන්ට ආකර්ෂනීය ලෙස කෙටි පණිවුඩයක් 
ඉදිරිපත් කෙරින. එම ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩි දුර කියවීමය මෙම දිගුව වෙත යොමු වන්න. වැඩිදුර කියවීමට

ඉන් අනතුරුව පැවතියේ අසේල නිලන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඔරිගාමී වැඩසටහනයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම කෙතරම් අභියා්ගාත්මක වුවද ඉතා සංයමයෙන් ඉදිරිපත් කෙරුණු මෙම වැඩසටහන සාර්ථක වූ බව දරුවන් විසින් සිදුකරනු ලැබූ නිර්මාණයන්ගෙන් පිළිඹිබු විය. ඉන් අනතුරුව දරුවන්ග් ආකල්ප වර්ධනය කරමින් ජීවිතය කෙරෙහි දැක්මක් සහ ඉල්ක ඇතිකරගැනීමට දරුවන් පොළඹවමින් විශන් බෝඩ් එකක් නිර්මාණය කරගන්නා ආකාරය ප්‍රවින දේශක දිලීප වන්නිආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදි. එම වැඩසටහනේ දිගුවක් පසුදින පැවතුනේ සහභාගී වූ දරවන් විසින් එවන ලදි විශන් බෝඩ් සියළුදෙනා හට දකින්නට සළස්වමින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කරමිනි.

මෙම වැඩසටහන සඳහා මීගමුව අවට සරණාගත තත්වය අපේක්ෂාවෙන් ජීවත්වන විදේශීය දරුවන් සමූහයක්ද එක්වූ අතර, දෙවන දින උදෑසන වෙන්වූයේ ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහාය. එහිදී ඔවුන්ගේ ගායන, නර්ථන සහ අත්කම් හැකියාවන් සිටළුදෙනා හට දක්නට ලබුනු අතර ඔවන්ද සැමගේ අවධානයට ලක්විය යුතු දරුවන් කොට්ඨාශයක් බව පසක් කෙරින. 

ඉන් අනතුරුව, දෙමාපියන් සඳහා විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර එහි සම්පත් ලෙස ප්‍රවීන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක එක්වූ අතර පවතින කොවිඩ් තත්වය තුළ දරුවන් කෙරෙහි සංවේදීව දෙමා පියන් ඇතුළු වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දනුවත් කෙරින. මෙම වැඩසටහන ඉතා ආකර්ශනීය ලෙස සරළව සිදු කිරීම සැමදෙනගේ පැසසුමට ලක්විය. දෙවන දින උදෑසන වැඩසටහන් එයින් නිමා විය.

එදිනම සවස් වරුවේ වැඩසටහන් ආරම්භ වූයේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මිත්‍ර බාලදක්ෂ කණ්ඩායමක් වන නෝර්වේ රාජ්‍යයේ ඇස්කර වයි. එම්. සී. ඒ / වයි, ඩබ්. සී. ඒ. බාලදක්ෂ කණ්ඩායම විසින් සජීවීව ඉදිරිපත් කරණු ලැබූ ඔස්ලෝ නගරයේ පා ගමනත් සමඟයි. මෙම වැඩසටහන ඉතා නැවුම් අත්දැකීමක් වැඩසටහනට එක්වූ අතර යුරෝපානු නගරයක සජීවීව ඇවිද යන්නා සේ අපූර්ව අත්දැකීමක් දරුවන්ට මෙහිදී හිමිවය. මෙම පාගමන අතරතුරදී නොර්වේජියානු පාර්ලිමේන්තුව, ඔස්ලෝ විශ්වවිද්‍යාලා, නෝර්වේජියානු ජාතික රඟහල, කාල් යොහාන් ප්‍රධාන වීදිය මෙන්ම නෝර්වේජියානු රජ මාලිගය දරුවන්ද දැකබලා ගැනීමේ හැකියාව දරුවන් හිමිවිය.

ඉන් අනතුරුව රවීන් දල්පදාදු තරුණ දුනු විදීමේ ක්‍රීඩකයා දරුවන් සමඟ එක්වුයේ විශේෂ සංවාදයකටයි. රවීන් ලංකාවේ ප්‍රමුඛ පෙලේ දුනු විදීමේ ක්‍රීඩකයෙකු වන අතර 2017 යොවුන්
ඔලිම්පික් උලෙල ලංකාව නියෝකනය කරමින් 06 වන ස්ථානයෙන් තරඟය අවසන් කරන ලදි. එහිදී ඔහු ලොව 03 ස්ථානය සිටින ජපානු ක්‍රීඩකයෙකුද පරාජය කිරීමට සමත්විය. මෙම සංවාදයේ දී රවීන් විසින් දුනු විදීමේ කයීඩාව පිළිබඳව, ලංකා නියෝජනය කිරීම පිළිබඳවව අත්දෑකීම් මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු ලෙස අභියෝග වලට මුහුණු දීම පිළිබඳව වැදගත් අදහස් රැසක් සහභාගී වි සිටි දරුවන් සමඟ බෙදාගන්නා ලදි. 

වැඩසටහන අවසන් වූයේ සවස 07 ට ආරම්භ වූ අවසාන ප්‍රසංගයත් සමඟයි. මෙම ප්‍රසංගය සඳහා වැඩසටහන සංවිධානය කරණු ලැබූ සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ දරුවන්ගේ නර්තන, ගායන සහ රංගමන හැකියාවන් ඉදිරිපත් කෙරුනු අතර ඊට පරිබාහිරව නුවර තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන්, කුරුණෑගම මලියදේව ආදර්ශ විද්‍යාලයේ දරුවන්, ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල් හී ශ්‍රී ලංකීය එකමුතුව, ඇස්කර බාලදක්ෂ කණ්ඩායම සහ ජර්මනියේ මියුනිච් නුවර ලාංකීය සමූහය තම හැකියාවන් ඉදිරිපත් කෙරින. 

කිසිදු තත්වයක් හමුවේ දරුවන් අමතක කළ නොහැකි බවත්, දරුවන් වෙනුවෙන් යහපත් වර්තමානයක් මෙන්ම අනාගතයක් බිහිකිරීම සියළුම දෙනාගේ වගකීම බවත් සිහිගන්වමින් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයවූ සියළුදෙනාට ස්තූතිය පුදකරමින් වැඩසටහන නිමා විය.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip