Sunday, April 7, 2024

2024 මහ සභා රැස්වීම

2024 වසර සඳහා වූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මහ සභා රැස්වීම 2024 අප්‍රියල් මස 07 වන දින සංගම් රැස්වීම් ශලාවේදී පවත්වන ලදි. මේ සඳහා සංගමයේ සාමාජික සාමාජිකාවන්, කාර්යය මණ්ඩලය සහ උපදේශල මණ්ඩලය ඇතුළු 28 දෙනෙකු සහභාහී විය.

තරුණ සාමාජිකයින් විසින් මෙහෙයවනු ලැබූ ආරම්භක මෙනෙහි කිරීමෙන් පසුව 2023 වසර සඳහා වූ වාර්ෂික වැඩසටහ වාර්තා සහ  විගණනය වාර්තා සම්මත කිරීම සිදු විය. තම වාර තුනක ධූර කාලය අවසන් කළ සභාපතිතුමන් වන දනුක ජයමාන්න සාමාජික සාමාජිකාවන්ට ස්තූති කළ අතර මේ වන විට සංගමය සිදුකරන වැඩසටහන් පිළිබඳව අප සියළු දෙනා ආඩම්බර විය යුතු බව පැවසීය.

එමෙන්ම ජාතික මට්ටමේ කටයුතු වලදීද සංගමය දක්වන දායකත්වය පිළිබඳව සඳහන් කරන ලදි. නව සභාපතිතුමන් වන අජිත් හෙට්ටිආරච්චි මහතා තමා පත්කිරීම පිළිබඳව ස්තුතිය පළකල අතර කරගෙන ආ සියළු වැඩකටයුත් ඉදිරියට පවත්වාගෙන යෑමට උපරිමයෙන් කටයුතු කිරීමට සහතික විය. 

සංගමයේ නව භාන්ඩාගාරික ලෙස කටයුතු කළ ජූඩ් හසිත මහතා ද තම ධූර කාලය අවසන් කළ අතර රුවන් චන්දන මහතා නව භාන්ඩාගාරික ලෙස පත්විය. පාලක මණ්ඩල සඳහාද රොශාන් ප්‍රනාන්දු මහතා සහ ශයිනි නෝනිස් මෙනවිය අලුතින් ඇතුලත් විය. 

2024 වසර තුළ සංගමය තම 50 වන සංවත්සරය සමරන අතර ඒ පිළිබඳව මේ දක්වා සිදු කර ඇති වැඩසටහන් සහ සිදුකිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් ප්‍රධාන ලේකම් විසින් සිදු කරන ලදි. එමෙන්ම 50 වන සංවත්සරයට සමගාමී න්වක සිසුන් 20 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන දියත් කරමින් ඇස්කර් පමුණුගම ශිෂ්‍යත්ව අරමුදල යටතේ නවක සිසුන් 6 දෙනෙකු සඳහා ශිෂ්‍යත්වය ප්‍රධානය සිදුකිරීමෙන් අනතුරුව සභාව සතුටින් විසිර යන ලදි. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip