Tuesday, February 23, 2021

ලෝක බාලදක්ෂ දිනය සැමරූ පමුණුගම බාලදක්ෂයෝ

ලෝක බාලදක්ෂ දිනය පෙබරවාරි මස 22 වන දිනට යෙදී ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දින උපන් බාලදක්ෂ ව්‍යාපරයේ නිර්මාතෘ වන බේඩ්න් පවෙල් මහතාගේ ජන්ම දිනය සිහිවීම පිණිසය. මෙම දිනය ලොව පුරා බාලදක්ෂයින් විසින් ඉතා උනන්දුවන් සමරණු ලබයි.

මීට සමගාමීව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂයින් ද ලෝක බාලදක්ෂ දිනය සැමරීම සඳහා 2021 පෙබරවාරී මස 22 වන දින සංගමයේ දී එක් රැස්විය. මෙහිදී බාලදක්ෂ රැලිය පවැත්වීමෙන් අනතුරුව බේඩ්න් පවෙල් මහතාගේ ජීවන කතාව පිලිබඳව බාලදක්ෂයින් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව බාලදක්ෂයින් සුළු සංග්‍රහයක් බුක්තිවිඳ ගීත ගායනා කිරීමෙන් අනතුරුව කෙටි වැඩසටහන නිමා විය. 

මේ සඳහා බාලදක්ෂ සහ බාලදක්ෂිකාවන් 20 ක් සහභාගී වූ අතර සංගමයේ කාර්යය මණ්ඩලයද සහභාගී විය. 




No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip