Thursday, February 4, 2021

2020 පසු විපරුම සහ 2021 සඳහා නව සාමාජික අදහස් විමසීම

2020 සංගමයට පමණක් නොව මුළු මහත් ලෝක වැසියන්ටම වෙනස් සහ අභියෝගාත්මක වසරක් විය.  සංගමයේ වැඩසටහන් සුපුරුදු පරිදි සිදු කිරීමට නොහැකි වූ අතර කුමන තත්වයක් මත වුවද සංගමයේ මෙහෙවර නවතා දැමිය නොහැක යන පදමන මත සංගමය වසර පුරාවටම විවිධ උපක්‍රම සහ ක්‍රමවේදයන් භාවිතා කරමින් ජනතා මෙහෙවරෙ නොකඩවා සිදු කරීමට උත්සාහ දැරිණ. 

නිමාවූ 2020 වසර පිළිබඳව පසුවිපරුමක් සිදු කිරීමට සහ 2021 වසරේ සංගටමයේ වැඩකටයුතු කුමන අයුරින් සිදුවිය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ සාමාජික හමුවක් 2021 පෙබරවාරි මස 04 වන නිදහස් දින පැවැත්වින. 

වැඩසටහන ආරම්භ කරමින් ප්‍රධාන ලේකම් විසින් 2020 වසර තුළ සිදුකරන ලද වැඩසටහන් පිළිබඳව ආවර්ජනයක් සිදු කෙරින. ඉන අනතුරුව 2020 වසර තුළ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව සාමාජික සාමාජිකාවන් තම අදහස් ඉදිරිපත් කළ අතර, ඉන උගත් පාඩම් සහ තවදුරටත් සංගමයක් ලෙස මැදිහත්වීමට තිබූ අවස්ථාවන් පිළිබඳවද සාකච්ඡා කලේ 2021 වසර සඳහා වැඩසටහන් නිර්මාණය කිරීමේ දී ඒවා කෙරෙහි සැලකිල්ළක් දැක්වීමේ අරමුණෙනි.

මෙම වැඩසටහනේ දෙවන පියවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී 2021 වසර තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත. සංවාදය මෙහෙයවමින් සාමාජික අදහස් ක්‍රමවත් ලෙස විමසීම සඳහා සංගමයේ උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා ඉතා වැදගත් මෙහයක් ඉටුරන ලදි.



No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip