Wednesday, March 23, 2022

ආබාධ සහිත ප්‍රජාව අන්තරීකරණය පිළිබඳ ජාතික සමුළුව

ආබාධ සහිත ප්‍රජාව අන්තරීකරණය පිළිබඳ ජාතික සමුළුව 2022 මාර්තු මස 18 සිට 20 දක්වා දිනයන්හිදී මීගමුව ලවීනියා හෝටලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම් උදෙසා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය,  ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබසාධක සංගමය හා එක්ව සිදුකරන බල බලපෑම් ව්‍යාපෘතියක එක් ක්‍රියා ක්‍රියාකාරකමක් ලෙසයි මෙම ජාතික සමුළුව පැවැත්වූයේ. මෙම ස මුළුව සඳහා පනස් හ54 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූයේ සිවිල් සංවිධාන හතක් සහ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන හතක් නියෝජනය කරමිනි. මේ වන විට රට තුළ පවතින අභියෝගාත්මක ආර්ථික පසුබිම් සහ ගම්නාගමනය පිළිබඳව පැවැති අභියෝග පසෙකලා මෙවැනි විශාල කණ්ඩායමක් සහභාගි වීම තුළින් ගම්‍ය වන්නේ ආබාධ සහිත ප්‍රජාවමුහුණ දෙන ගැටලු වලට විසඳුම් ඒකාබද්ධ ප්‍රයත්නයක් තුළින් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවයයි.

ඉටි පහන්ඉ දැල්තාවීමෙන් අනතුරුව කෙටි චාම් ආරම්භක උළෙලකින් වැඩ වැඩසටහන් ඇරඹි අතර එම් අවස්ථාව සඳහා ප්‍රකට මානව හිමිකම් ක්‍රියා ක්‍රියාධරයින් දෙදෙනකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සහ හර්මන් කුමාර මහතා සහ සහභාගී විය. මෙහිදී ඔවුන් දෙදෙනා කෙටි අදහස් දැක්වීම් සිදුකළ අතර ක්‍රියාධරයින් ලෙස ඔවුන් ලද අදත්දැකීම් සහ අරමුණු දිනා ගැනීමේ දී ජාලගත වී ඒක ඒකාබද්ධව කටයුතු
කිරීමේ වැදගත්කමකම පිළිබඳවව මෙහිදී ඔවුන් අදහස් දැක්විය. ආරම්භක උළෙල අවසානයේ වැඩ වැඩසටහන් පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ මෙම වැඩ වැඩසටහන් පැවැත්වීමට පසුබිම් වූ කාර්ණා පිළිබඳව ද සහභාගි වූවන් සංවිධායක මණ්ඩලය විසින් දැනුවත් කරන ලදී. 

දෙවන දින උදේ උදෑසන ඉතා වැදගත් මාතෘකාවකි කීපයක් පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ ආබාධ සහිත ප්‍රඡාව අන්තරීකරණය පිළිබඳව විවිධ මානයන්ගෙන් ගැඹුරින් සංවාදයටයට බඳුන් කෙරිණ. එමෙන්ම ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී භාවිතා කෙරෙන විවිධ ප්‍රවේශන් පිළිබඳවද කණ්ඩායම තම අදහස් බෙදා ගත් අතර අවසානයේදී ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ආබාධ සහිත ප්‍රජාව අන්තරීකරණය කිරීමේ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් ආබාධිතභාවය පිළිබඳව සිංහල බසින් නිර්වචනයක් සසැකසීමට කණ්ඩායම් කටයුතු කරන ලදී.

දෙවන දින සවස් වරුවේ දී බාධ සහිත ප්‍රඡාව අන්තරීකරණය පිළිබඳව Atlace Alliance විසින් සකසා ඇති මෙවලම් කට්ටලය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම මෙවලම් කට්ට කට්ටලය ඉතා පැහැදිලි සහ නිශ්චිත මාර්ගෝපදේශයක් ලෙස ඉදිරියේ දී පොදු වැඩපිළිවෙළ තුළ දී මෙන්ම තම තමන්ගේ සංවිධාන තුළ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී භාවිතා කිරීමට හැකි බව සහභාගිි වන්නන් ගේ අදහස් විය. හැකියාවක් වෙතොත් මෙම මෙවලම් කට්ටලය පිළිබඳව වෙන වෙනම සංවිධාන මට්ටමින් දැනුවත් කිරීම් සංවිධානය කිරීම තුළින් දැනුම් වඩා වැඩි පිරිස්ක්ට සම්ප්‍රේෂණය කළ හැකි බවත් ඒ සඳහා එක්ව කටයුතු කිරීමටත් සංවිධාන එකඟ විය.

දෙවන දිනයේ සවස් වරුව සහභාගිවන්නන් හිතා සතුටින් ගීත ගායනා කරමින් විනෝදයෙන් කටයුතු කිරීම තුළින් එකිනෙකා අතර හොඳ හඳුනාගැනීමක් මෙන්ම ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමට අවස්ථාව හිමි වූ බව අපගේ විශ්වාසයයි.

තුන්වන දින උදෑසන කාලය වෙන්කර තිබුණේ පෙබරවාරි  මස් පැවති ගෝලීය ආබාධ සහිත ප්‍රජාව ගේ සමුළුවේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ඉදිරිපත් කරන ලද කැපවීම පිළිබඳව ප්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. කරුණු දෙකකින් සමන් සමන්විත වූ මෙම කැපවීම් පිළිබඳ ප්‍රකාශය සඳහා සියලු දෙනාගේ එකම තාවය ලැබුන අතර එම කරුණු දෙක පදනම් කරගෙන ඉදිරි සැලසුම් සංවිධානයයකි කිරීමට සියලු දෙනා එකඟ විය. එම කරුණු දෙක මෙසේය.

1.සමාජය තුළ ආබාධිත සහිත පුද්ගලයන්  අගතිගාමී කණ්ඩායමක්  ලෙස දැකීමට හේතුවක්ව පවතින  ඔවුන්  පිළිබඳව සමාජය තුළ  ගොඩනැගී ඇති මිත්යාවන් නැති කිරීම සඳහා සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීම.

2. ආබාධිත සහිත පුද්ගලයන්ගේ සංවිධාන සමඟ වැඩ කටයුතු කිරීමට රට  තුල පවතින විවිධ  සංවිධාන ඒකරාශි කිරීම තුළින් ආබාධිත පුද්ගලයන් පිළිබඳව විශේෂයෙන්  ක්රියාත්මක විය යුතු ප්රතිපත්ති සහ නීතිරීති ක්රමවත් ආකාරයට ක්රියාත්මක කිරීම.

සමුළුවේ අවසන් වැඩ වැඩසටහන් වූයේ මාධ්‍ය  හමුවයි. මෙම මාධ්‍ය හමුව සඳහා ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන හතක් පමණ සහභාගි වූ අතර රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යය ආයතන මේ සඳහා සම්බන්ධ විය. සමුළුවට සහභාගි වූ නියෝජිතයින් හතර දෙනෙකු මෙම මාධ්‍ය සංවාදය සඳහා එක්වූ අතර සමුළුවේදී ඔවුන් ලද අද අත්දැකීම් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඒවාට විසඳුම් සෙවීමේදී අනුගමනය කළ යුතු ප්‍රවේශයන් පිළිබඳව සංවාදයට බඳුන් කෙරිණ.

ඉදිරියේදී ජාලගත වී එක් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟතාවය පළ කිරීමෙන්  සමුළුවේ වැඩ වැඩකටයුතු නිමා විය.

වැඩසටහනේ පින්තූර සඳහා මෙය මත ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip