Saturday, September 30, 2023

ෂිමදා ෂිගේරු මහතාගේ පමුණුගම YMCA සංචාරය

ජපානයේ තරුණ ක්‍රිස්තියානි සංගම් හි ජාතික කවුන්සිලයේ හිටපු ප්‍රධාන ලේකම් ෂිමදා ෂිගේරු මහතා 2023 සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලයේදි හුතරයක් තරුණ ක්‍රිස්තියානි සංගමය නිරීක්ෂණය කිරීමට යොදාගෙන තිබෙන. එතුමාගේ  සංචාරයේ අවසානය භාගයාගයේ දී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නිරීක්ෂණය කිරීමට පැමිණියේ සැප්තැම්බර් මස් 28 වන දිනයි. 

එහිදී ෂිමදා ෂිගේරු මහතා සංගමයේ කාර්ය්මණ්ඩලයේ, පාලක මණ්ඩලයේ සහ තරුණ නියෝජිතයන් කීප දෙදෙනෙකු සමග කාලය ගත කරමින් එතුමාගේ අත්දැකීම් බෙදා ගන්නා ලදී.  විශේෂයෙන්ම ප්‍රධාන ලේකම් වරයකු වශයෙන් එතුමා ලද අත් අත්දැකීම් සංගමයේ නියෝජිතයන් හා බෙදා ගත් අතර පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද පුළුල් දැනුවත් භාවයක් ලබා ගන්නා ලදී. ආසියාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් ඉතිහාසය පිළිබඳ මනා දැනුම්කින් හෙබි එතුමා දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ වී විවිධ සිද්ධි සහ ඊට තරුණ ක්‍රිස්ති යානි සංගමය මැදිහත් වූ ආකාරය පිළිබඳව සංගමයේ නියෝජිතයින් සමග ඉතා සුහද කතාබහකද යෙදිණ.  

මසුන් ඇල්ලීම පිළිබඳව එතුමා දැඩි කැමැත්තකින් පසුවන පුද්ගලයෙකු වන අතර මුණුගම ප්‍රදේශ්යේ ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන බැවින් පමුණුගම සංචාරය එතුමාට තවත් විශේෂ විය. ඔහුගේ ධීවර කටයුතු පිළිබඳව අන්තර්ජාලයේ ලේඛනගත කරන කරන අතර ඒවා මෙම සබැඳියෙන් ඔබට කියවිය හැක. https://ayukebari.exblog.jp/

ෂිමදා ෂිගේරු මහතාගේ සංචාරයේ එක් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා YMCA සඳහා සහයෝගය ලබා දෙන බවට ඔහු ලබාදුන් සහතිකයයි. පමුණුගම YMCA හි ක්‍රියාකාරකම් කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව පිළිබඳව සංගමයේ නියෝජිතයින්ගෙන් ප්‍රසාදය ද පළ විය. මෙම පමුණුගම සංචාරයේ දී ශිගේරු මහතා සමඟ තරුණ ක්‍රිස්තියානි සංගමය තික සභා කාර්ය මණ්ඩලයේ  දීප්ති මහතා සහ චමින්ද මහතා ද පැමිණ සිටියහ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip