Monday, July 24, 2023

රොල්ෆ් ෆැල්කන්බෙර්ග් මහතාගේ පමුණුගම සංචාරය

අස්කර් බාලදක්ෂ නායක රොල්ෆ් ෆැල්කන්බෙර්ග්  මහතා ජුලි මස 18 සිට 23 දක්වා පමුණුගම සංචාරයක නිරත විය. වර්ෂ 2000 ආරම්භයත් සමගම තරුණ ක්‍රිස්තියානි සංගම්  සඳහා බාලදක්ෂ වැඩ වැඩසටහන් හඳුන්වා දුන් සමයේ සිටම ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීපව කටයුතු කර පුද්ගලයෙකි.  විශේෂයෙන් 2004 වසරේ සිට පමුණුගම සහ නෝර්වේහී ඇස්කර් බාලදක්ෂිකා කණ්ඩායම් දෙක අතර පවතින මිතුදමේ ප්‍රධාන පුරුක වන්නේද රොල්ෆ් ෆැල්කන්බෙර්ග් මහතාය.

රොල්ෆ් මහතා පමුණුගම ගතකළ කාලය අතරතුරදී ඔහුගේ සමීපතම මිතුරන්  මෙන්ම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්ය මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන්ද මුණ ගැසිණ. ජූලි මස 23 වන දින පැවති බාලදක්ෂ රැස්වීම්  සඳහාද සහභාගී වූ අතර එහිදී බාලදක්ෂයන් සහ නායක නායිකාවන් මුනණගැසී ඔවුන් සමඟ ද සුහද පිළිසඳරක සහභාගිවෙමින් දිරිගන්වන ලදී. ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ අනුග්‍රහයෙන්හයෙන් ක්‍රියාත්මක වන ප්‍රජා මුළු මුළුතැන්ගෙය වැඩසටහනද ඒ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ දිවා ආහාරයද එක්ව ලබා ගන්නා ලදී. 

මීට අමතරව තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ වැඩ බලන ප්‍රධාන ලේකම් සමග රැස්වීම්කට එක්වූ ඒ මහතා ඉදිරියේ දී ජාතික වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳවද සංවාදයක යෙදෙින.

පමුණුගම සහ ඇස්කර් කණ්ඩායම් දෙක අතර පවතින සබඳතාවය තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම සංචාරයෙන් හැකිවූ අතර ඉදිරියේදී හැකි සෑම අයුරකින්මම එක්ව ළමා සහ තරුණ ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ විය. වසර ගණනාවක් පුරාවට පමුණුගම බාලදක්ෂ කණ්ඩායම ඇතුළු විවිධ කොටස් කෙරෙහි රොල්ෆ් ෆැල්කන්බෙර්ග්  මහතා ඇතුළු  ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම දක්වන්නාවූ සහයෝගය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රණාමය.


No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip