Thursday, May 1, 2025

අවුරුදු උදානය 2025

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ තරුණියන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු ජන ක්‍රීඩා වැඩසටහන මැයි මස 01 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී පැවැත්වින. වයස් කාණ්ඩ ගණනාවක් යටතේ ප්‍රදේශයේ දරු දැරියන් සඳහා ක්‍රීඩා රාශියක් මෙන්ම තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් වෙනුවෙන්ද විවෘත තරග කිහිපයක්ම පැවැත්විණ.  

සම්ප්‍රදායික ජන ක්‍රීඩා වන කොට්ටාපොර, වාසනා මුට්ටිය බිඳීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, ගෝනි රේස්, කාසිය සෙවීම,  ඉදිකටුවට නූල දැමීම ඇතුළු සම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම පැණි බඹරය, ටෙඩිබෙයාර්ට නම තැබීම, නලල මත බිස්කටය තබා කෑම වැනි නූතන ලුත් අවුරුදු ක්‍රීඩාවන්ගෙන්ද වැඩසටහන වර්ණවත් විය. 

මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමා සාමාජික සාමාජිකාවන්, පෙර පාසලේ දරු දැරියන්, ප්‍රදේශයේ දරු දැරියන්, මාකලෝසා සිහින පාසලේ දරුවන්, අසල්වාසීන් ඇතුළු 200 කට අධික පිරිසක් සම්බන්ධ විය. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් සතුට විනෝදය මෙන්ම ගම්වාසීන් අතර සහයෝගය  ප්‍රවර්ධනය කිරීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ අරමුණයි. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip