Sunday, April 27, 2025

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ 2025 වසර සඳහා වූ මහා සභා රැස්වීම

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ 2025 වසර සඳහා වූ මහා සභා රැස්වීම අප්‍රියෙල් මස 27 වන ඉරුදින පමුණුගම තරුණු ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්විණ. එහිදී සංගමයේ 2024 වසර සම්බන්ධයෙන් වූ වැඩසටහන් වාර්තා සහ විගණන වාර්තා සාමාජිකත්වය විසින් සම්මත කළ අතර 2025 වසර සඳහා වූ සැලසුම්ද සම්මත කරගන්නා ලදී. 

නව වසර සඳහා පාලක මණ්ඩලය ද මෙහිදී පත්වූ අතර නිලධාරී මණ්ඩලයේ වෙනසක් සිදු නොවීය. පාලක මණ්ඩලය තුළ තම සේවා කාලය අවසන් කළ මර්සි මාග්‍රට් මහත්මිය සහ ශයිනි නෝනිස් මෙනවිය වෙනුවට  හිරුෂ නෝනිස් සහ ඉසුරු පීරිස් පාලක මණ්ඩලයට අලුතින් එක්වන ලදී. සභාපති ලෙස අජිත් හෙට්ටිආරච්චි මහතා නව වසරේදීත් කටයුතු කරන අතර භාණ්ඩාගාරික තනතුරේ වගකීම මෙවරද හිමි වූයේ රුවන් පෙරේරා මහතාටය.  ශිවංකර රණවීර සහ ලහිරු සමීර යන මහත්වරුන් හට උප සභාපති ධූරයේ වගකීමක් හිමි විය. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip