මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විවිධ පක්ෂයන්හි නායකවරු, දූත මණ්ඩල සාමාජිකයින්, විදේශීය තානාපති නියෝජිතයින් සහභාගිවීම කැපී පෙනුණු ලක්ෂණයක් වූ අතර පලස්තීන අරගලයට සහය දක්වන හිතවතුන් විශාල පිරිසක් මෙයට එක් වී සිටියහ. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා ද මෙම අවස්ථාවට සහභාගි වූයේ කලක පටන් පලස්තීන අරගලය සම්බන්ධයෙන් වන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්ථාවරය තහවුරු කරමිනි.
Friday, May 16, 2025
නක්බා 1948 – පලස්තීන විපත: ජාත්‍යන්තර සිහිකිරීම
නක්බා – 1948 වසරේ පලස්තීන ජනතාවට සිදු වූ විපත සහ එහිදී සිදු වූ දරුණු මානව හිමිකම් කඩවීම සිහිපත් කිරීම සඳහා වන ජාත්‍යන්තර සිහිවීමේ උත්සවය අද මැයි මස 15 වන දින කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු ආයතනයේ මහින්ද සිල්වා ශාලාවේ දී පැවැත්විය.
මෙම වැඩසටහන අතරතුර අදහස් ඉදිරිපත් කළ පාර්ෂවයන් පලස්තීන ජනතාව 1948 වසරේ දී මුහුණ දුන් නක්බා විපත හා අදටත් පවතින දරුණු දුක්ඛිත තත්ත්වය පිළිබඳව අදහස් සහ කණගාටුව ප්‍රකාශ කළ අතර, ප්‍රචණ්ඩත්වය නවතා මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය යන මූලික අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළහ. නක්බා සිදුවීම ඉතිහාසමය සිදුවීමක් ලෙස පමණක් නොව, අදටත් දිගහැරෙන මානව ඛේදවාචකයක් ලෙසද සැලකිය යුතු බව මෙහිදී යළි අවධාරණය විය.
දීර්ඝ කාලීන සාමය සහ සාධාරණත්වය සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස රටවල් දෙකක් යන විසඳුමක් (Two-State Solution) සම්බන්ධයෙන් තම සහාය පළකරමින් අග්‍රාමාත්‍යතුමිය සහ විපක්‍ෂනායක අදහස් දක්වන ලදි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ලංකා රජය පලස්තීනය වෙත දක්වන සහයෝග සංකේතාත්මකව පමණක් නොවී තම ක්‍රියාකලාපය තුළින් ද ඉස්මතුවන ආයුරින් කටයුතු කළ යුතු බවයි.
Commemoration of Nakba 1948
Commemoration of Nakba 1948 – The Palestinian Catastrophe held at the Mahinda Ilva Auditorium, Hector Kobbekaduwa Training Institute, Colombo today (15May 2025)
The event was graced by Prime Minister Harini Amarasooriya as Chief Guest, with the presence of Opposition Leader Sajith Premadasa, party leaders, diplomats, embassy delegates, and many friends of Palestine. The YMCA Pamunugama was represented by the General Secretary Ridma Fonseka, continuing its long-standing commitment to advocating for peace in Palestine—both in Sri Lanka and globally.
Speakers reflected on the huge catastrophe and ongoing suffering endured by the people of Palestine, highlighting the urgent need to end violence and uphold human rights. The tragedy of Nakba was remembered not just as a historical event, but as a continuing humanitarian crisis.
Both the Prime Minister and the Opposition Leader expressed strong support for a two-state solution as the only viable path to lasting peace and justice in the region.
MP Rauff Hakeem criticized the Sri Lankan government for offering only symbolic support to Palestine, calling the Foreign Ministry’s statement vague and ineffective. He urged the government to match its words with real action and condemned the sending of Sri Lankan workers to Israeli-occupied Palestinian lands, calling it a shameful contradiction to Sri Lanka’s stance.
Thursday, May 1, 2025
Celebrating Unity and Joy: YMCA Pamunugama Hosts Annual New Year Festival
The annual New Year's Games Festival organized by the youth of the YMCA of Pamunugama took place on May 1st at the Association’s premises. The event featured a vibrant array of traditional and modern games, bringing together community members of all ages for a day full of fun, laughter, and friendly competition.
The program included well-loved traditional Sri Lankan folk games such as Kotta Pora (pillow fight), Wasana Muttiya Bindima (breaking the lucky pod), lemon-and-spoon race, bag race, coin hunt, and needle threading. These were complemented by modern New Year games like Pini Bambara, naming the teddy bear, and the "biscuit from forehead to mouth" challenge.
Over 200 participants took part in the festivities, including YMCA child members, preschoolers, local children, students from Makalosa Dream School, and neighboring families. The event successfully fostered a spirit of togetherness, joy, and community cooperation—core values promoted by the YMCA of Pamunugama through such inclusive and engaging programs.
අවුරුදු උදානය 2025
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ තරුණියන් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු ජන ක්‍රීඩා වැඩසටහන මැයි මස 01 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී පැවැත්වින. වයස් කාණ්ඩ ගණනාවක් යටතේ ප්‍රදේශයේ දරු දැරියන් සඳහා ක්‍රීඩා රාශියක් මෙන්ම තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් වෙනුවෙන්ද විවෘත තරග කිහිපයක්ම පැවැත්විණ.
සම්ප්‍රදායික ජන ක්‍රීඩා වන කොට්ටාපොර, වාසනා මුට්ටිය බිඳීම, හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම, ගෝනි රේස්, කාසිය සෙවීම, ඉදිකටුවට නූල දැමීම ඇතුළු සම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම පැණි බඹරය, ටෙඩිබෙයාර්ට නම තැබීම, නලල මත බිස්කටය තබා කෑම වැනි නූතන ලුත් අවුරුදු ක්‍රීඩාවන්ගෙන්ද වැඩසටහන වර්ණවත් විය.
මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමා සාමාජික සාමාජිකාවන්, පෙර පාසලේ දරු දැරියන්, ප්‍රදේශයේ දරු දැරියන්, මාකලෝසා සිහින පාසලේ දරුවන්, අසල්වාසීන් ඇතුළු 200 කට අධික පිරිසක් සම්බන්ධ විය. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් සතුට විනෝදය මෙන්ම ගම්වාසීන් අතර සහයෝගය ප්‍රවර්ධනය කිරීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ අරමුණයි.
Subscribe to:
Comments (Atom)
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip









