Friday, May 16, 2025

නක්බා 1948 – පලස්තීන විපත: ජාත්‍යන්තර සිහිකිරීම

නක්බා – 1948 වසරේ පලස්තීන ජනතාවට සිදු වූ විපත සහ එහිදී සිදු වූ දරුණු මානව හිමිකම් කඩවීම සිහිපත් කිරීම සඳහා වන ජාත්‍යන්තර සිහිවීමේ උත්සවය අද මැයි මස 15 වන දින කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු ආයතනයේ මහින්ද සිල්වා ශාලාවේ දී පැවැත්විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විවිධ පක්ෂයන්හි නායකවරු, දූත මණ්ඩල සාමාජිකයින්, විදේශීය තානාපති නියෝජිතයින් සහභාගිවීම කැපී පෙනුණු ලක්ෂණයක් වූ අතර පලස්තීන අරගලයට සහය දක්වන හිතවතුන් විශාල පිරිසක් මෙයට එක් වී සිටියහ. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ  ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා ද මෙම අවස්ථාවට සහභාගි වූයේ කලක පටන් ලස්තීන අරගලය සම්බන්ධයෙන් වන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්ථාවරය තහවුරු කරමිනි.   

මෙම වැඩසටහන අතරතුර අදහස් ඉදිරිපත් කළ  පාර්ෂවයන් පලස්තීන ජනතාව 1948 වසරේ දී මුහුණ දුන් නක්බා විපත හා අදටත් පවතින දරුණු දුක්ඛිත තත්ත්වය පිළිබඳව අදහස් සහ කණගාටුව ප්‍රකාශ කළ අතර, ප්‍රචණ්ඩත්වය නවතා මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය යන මූලික අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළහ. නක්බා සිදුවීම ඉතිහාසමය සිදුවීමක් ලෙස පමණක් නොව, අදටත් දිගහැරෙන මානව ඛේදවාචකයක් ලෙසද සැලකිය යුතු බව මෙහිදී යළි අවධාරණය විය. 

දීර්ඝ කාලීන සාමය සහ සාධාරණත්වය සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය ලෙස  රටවල් දෙකක් ‍යන විසඳුමක් (Two-State Solution) සම්බන්ධයෙන් තම සහාය පළකරමින් අග්‍රාමාත්‍යතුමිය සහ විපක්‍ෂනායක අදහස් දක්වන ලදි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ලංකා රජය පලස්තීනය වෙත දක්වන සහයෝග සංකේතාත්මකව පමණක් නොවී තම ක්‍රියාකලාපය තුළින් ද ඉස්මතුවන ආයුරින් කටයුතු කළ යුතු බවයි. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip