Thursday, December 4, 2025

මාකලෝසා පාසලේ දෙමාපිය පුහුණු වැඩසටහන

මාකලෝසා පාසලේ දෙමාපිය දිනය 2025 නොවැ.22 ශනිදා පාසල් පරිශ්‍රයේ පවත්වන ලදී. එහි මුඛ්‍ය අරමුණ වූයේ ඉගෙනුම් ඇතුළු වෙනත් ආබාධ සහිත දරුවන් පිළිබඳ දෙමාපිය වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම ය. මෙම වැඩසටහන සඳහා පාසලේ දරුවන්ගේ දෙමාපියන් දොළොස් දෙනෙකු සහභාගි විය.

මෙහි සම්පත්දායක වූයේ මනෝ විශේෂඥ ආචාර්ය ඩග්ලස් හෙට්ටිආරච්චි මහත්මා ය. එහිදී පහත කරුණු සංවාදයට ලක්විය:

  • දරුවා තේරුම් ගැනීම
  • අවශ්‍ය ප්‍රතිකාර හා ඒ සඳහා යොමුවිය යුතු තැන්
  • ඔවුන්ගේ අයිතිවාසිකම්
  • ඔවුන්ගේ හැකියාවන් දියුණු කිරීමේ ක්‍රමවේද
  • ස්වාධීන වීමට ඔවුන් සූදානම් කිරීම
  • එල්ලවන සමාජ පීඩනයන් හා හෙළාදැකීම්වලට මුහුණ දීම

උක්ත කරුණු කාරණා සරල හා සුගම අයුරින් සියලු දෙනාටම අවබෝධ වන අයුරින් ක්‍රියාකාරකම් හා සංවාද ඇසුරින් ඉදිරිපත් කෙරිණි. අවසානයේදී දෙමාපියන්ගේ බොහෝ ගැටලුවලට විසඳුම් සංවාද කෙරිණි.

මෙදින මාකලෝසා දරුවන්ගේ දෙමාපියන්ට ඉතා ඵලදායි දිනයක් විය.

A Meaningful Session on Caring for Children with Disabilities

A training programme was held on Saturday, 22nd November 2025 at the school premises to help parents gain a better understanding of how to care for children with disabilities. The session was conducted by Dr. Douglas Hettiarachchi, who explained everything in a very simple and clear way. He spoke about understanding the child as a person with disabilities, the treatments they may need and where to find those services, their rights, how to develop their abilities, how to support them to become independent, and how to face social pressure and negative comments from society. All these points were presented in a way that was easy for every parent to understand and relate to.

Dr. Hettiarachchi also shared many examples from real-life situations, which helped parents connect the ideas to their own experiences. He encouraged parents to observe their children closely, spend quality time with them, and celebrate even small improvements. He also reminded them that each child learns at a different pace and that patience, love, and consistency are key. Parents were guided on how to create a supportive home environment and how to work together with teachers, doctors, and therapists for the child’s growth.

At the end of the session, 12 parents who participated asked questions and received clear and helpful answers. The conference gave them confidence and hope, and many felt better prepared to support their children. It was truly a meaningful and fruitful day for the parents of Makalause children. 

Wednesday, December 3, 2025

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පණිවිඩය

ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දිනය සමරන අද දිනයේදී අප සංගමයේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහනක් වන මාකලෝසා සිහින පාසලේ දරුවන් වෙත අපගේ සුභ පැතුම් පුද කරමු. අපගේ පාසල ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් සහ ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ට සහාය වන අතර, අපි සෑම දරුවෙකු තුළ පවතින ආවේණික ගුණාංග ඉහලින් අගය කරමු.   

ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමේදී අපි සෑම විටම සංවේදී, මෘදු සහ කල්පනාකාරී විය යුතුය. ඔවුන්ගේ මානව ගෞරවය, ආරක්ෂාව සහ සතුට පළමුකොට සැළකිය යුතු යැයි අපි විශ්වාස කරමු. එමෙන්ම මෙවැනි දරුවන්ගේ දෙමාපියන් මෙම දරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් සහ කැපවීම් සමුදායක් සිදුකරන අතර ඔවුන්ව බලගතු කිරීමද අතිශය වැදගත් වේ.

ලොව පුරා සිටින සියලුම ආබාධ සහිත පුද්ගලයින් වෙත අපගේ සුබ පැතුම් මෙම විශේෂ දිනයේදී එක් කරන අතර  ඔවුන් සියලු දෙනා සෑම අවස්ථාවකදීම අන්තර් කරණය තුළ පූර්ණ මානව හිමිකම් භුක්ති විදින පුරවැසියන් බවට පත්වීමට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.  

එමෙන්ම ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය වෙනුවෙන් ලොව පුරා කැපවී කටයුතු කරන සියලු පුද්ගලයන්ද සියලුම සංවිධානද අපි හිතා ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. 

ගෞරවයෙන්,

මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය

Message from the YMCA of Pamunugama for the International Day of Persons with Disabilities

Today, on the International Day of Persons with Disabilities, we honor the children of Makalause Dream School, a programme of the YMCA of Pamunugama. Our school supports children with Autism, Down Syndrome, and learning disabilities, and we value each child deeply.

We must always be sensitive, gentle, and thoughtful when making decisions for them. Their dignity, safety, and happiness must come first. It is also very important to empower and support the parents of these children, who carry their responsibilities with great love and strength.

We extend our warm greetings to all persons with disabilities around the world. May they be respected, included, and supported everywhere.

We also thank everyone working for disability inclusion at different capacities. Your efforts bring hope and change.

With love and respect,
YMCA of Pamunugama

Wednesday, November 19, 2025

Youth from Pamunugama and Negombo YMCAs Unite for a Friendly and Fun Kubb Tournament

A Kubb Tournament was held on November 19th at the Pamunugama YMCA grounds, with children and scouts from both the Negombo YMCA and Pamunugama YMCA participating. A total of 33 children competed in 11 teams.

After the first round of league matches, the team representing the Pamunugama YMCA—Sihansa, Sugeetha and Vishwa—emerged victorious in the final, securing an impressive win. The runner-up was the team from the Negombo YMCA, consisting of Sanidu, Anuhas and Hirushi.

This Kubb Tournament was more than just a sporting event; it was a meaningful day that promoted cooperation, friendship, fun, and happiness among the children of both YMCAs. The event highlighted the YMCA’s ongoing commitment to developing children’s abilities and character through sports.

Click for Pictures

නිවාඩුව වෙනුවෙන් පැවැති සුහද කුබ් තරගාවලිය

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හි ළමා සාමාජික සාමාජිකාවන් සහ බාලදක්ෂයින් සහභාගි වූ කුබ් තරඟාවලියක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි  සංගම් භූමියේදී නොවැම්බර් මස 19 වන දින පැවැත්විණ. මේ සඳහා දරුවන් 33 දෙනකු කණ්ඩායම් 11 ක් යටතේ තරග කරන ලදී. 

ලීක් ක්‍රමයට පැවැති පළමු වටයෙන් පසු අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සිහන්ස, සුගීත, විශ්ව සමන්විත කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. අනුශූරතාවය දිනා ගත්තේ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ හි සනිඳු, අනුහස් සහ හිරුෂි ඇතුළු කණ්ඩායමයි. 

මෙම කුබ් තරගාවලිය හුදෙක්ම ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, සංගම් දෙකේ දරු දැරියන් අතර සහයෝගිතාව, සුහද සම්බන්ධතා, විනෝදය සහ සතුට වර්ධනය කළ අර්ථවත් දිනයක් ලෙසින් සනිටුහන් විය. ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හැකියාවන් සහ පෞරුෂ වර්ධනය වෙනුවෙන් තරුණ ක්‍රිස්තියානි සංගමය නිරන්තරයෙන් කැපවී සිටින බවට මෙම ඉසව්ව සාක්ෂි දැරීය.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip