Tuesday, December 16, 2025

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම 2025 නොවැම්බර් 24 සිට 27 දක්වා සිම් ෂා ට්සුයි හි අපේ හිටි හොංකොං YMCA මූලස්ථානයේ පැවති අතර වසර සියයක් මුළුල්ලේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සේවාව සහ ඇදහිල්ලේ ගමන එහිදී සමරන ලදී. 

පමුණුගම YMCA නියෝජනය කරමින් මෙම වැදගත් ජාත්‍යන්තර උත්සවයට සහභාගී වීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා හට ද ආරාධනා ලැබී තිබිණ.  

දින හතරක් පුරා පැවති සැමරුම අතරතුර පැවැති ආරම්භක සංස්කෘතික උත්සවය, YMCA ප්‍රජා සේවාවන් පිළිබඳව දැන ගැනීම සඳහා සංවිධානය කර තිබූ නිරාවරණ චාරිකා, හොංකොං නගරය දැක ගැනීම සඳහා වන චාරිකා, සියවස් සැමරුම් මෙහෙය සහ ප්‍රධාන සැමරුම් රාත්‍රී භෝජනය යන අවස්ථා සඳහා රිද්ම ෆොන්සේකා සහභාගීි වන ලදී . 

මෙම උළෙලට සහභාගි වීම තුළින් රටවල් ගණනාවක තරුණු ක්‍රිස්තියානි සංගම් නායක නායිකාවන් මෙන්ම ලෝක තරුණ ක්‍රිස්තියානි සංගම් එකමුතුවේ සභාපතිතුමිය හමුවීමේ අවස්ථාවද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් වෙත හිමි විය. එහිදී අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීම සහ නව සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. 

සමස්තයක් වශයෙන්, සියවස් සැමරුමට සහභාගි වීමට ලැබීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරි විය. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip