Monday, August 12, 2024

පුරෝගාමී සාමාජිකයකුගේ අභාවය

නිමල් රංජිත් පොලිකාෆ් ෆොන්සේකා.
උපන් දිනය:1952.01.26.            සග උපත: 2024.8.008.

සැනසුම නමින් මුලින් හැදින්වූ YMCA ආරම්භයේ සිට අසනීප තත්ත්වයට පත්වන තුරුම එකම ජීව ගුණයකින් එහි උන්නතිය වෙනුවෙන් තම ශ්‍රමය, දැනුම හා කාලය පමණක් නොව මුල්‍යය සම්පත්ද ලබා දෙමින් අපගේ ප්‍රදේශයේ ජනතාවට හැකි උපරිම ශක්තියෙන් රංජිත් සහෝදරයා සේවය කළේය.

සේවය කිරීමේදී ඔහුට සේවය ලබාගන්නා තැනැත්තාගේ දැනහැදුනුම් කම් හෝ උස්මිටිකම් වැදගත් නොවීය. ඔහුගෙන් උපකාරයක් නොලත් අයෙක් මෙම ප්‍රදේශයේ සිටිත් නම් උපකාරයක් අවශ්‍යය නොවන කෙනෙක්ම විය යුතුය.

1970 දශකයේ සිට තරුණයන් දූෂිත සමාජ අසාධාරණයන්ට එරෙහිව බලමුළු ගන්වමින් සැනසුම/YMCA ගෙනගිය අරගළයේ ඔහු පුරෝගාමියෙක් විය.

සෙත්තප්පාඩුව දේවමාතා මංඩපය, ග්‍රාමීය බැංකුව මතු නොව YMCA මධ්‍යස්ථානය,  අවමංගල්‍යාධාර සේවය, ධීවර, සහන සේවා වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ අසීරු කාර්යයන්ට ඔහු උර නුදුන්නා නම් අද බොහෝ දෙන බුක්ති විදින වරප්පරසාද මේ ප්රදේශයට අහිමි වන්නට තිබුනි.

මෙම වගකීම් තම උරහිස මතට ගැනීමේදී ඔහුට බොහෝ දේ අහිමි විය. එහෙත් එයින් ඔහු කම්පා නොවීය.

YMCA ගොඩනැගුනේ ඔහු වැනි කුළුණු මතය. එයින් ඵල ලබන සෑම කෙනෙකුගේම හිස ඔහු වෙනුවෙන් පහත් වීම තමන්ටම කරගන්නා ගෞරවයක් වන්නේය.

වත්මන් YMCA සාමාජිකයන් ඔහුද එක්වී ගොඩනැගූ භෞතික මෙන්ම අධ්‍යාත්මික වූද වටිනාකම් පෙරට ගෙනයාම රංජිත් ෆොන්සේකා නම්වූ සමාජ ක්‍රියාකාරිකයාට කළ හැකි විශාලම ගෞරවය වන්නේය.

"මම යහපත් සටනක් සටන් කළෙමි. දැන් තරගය හමාර කර ඇත්තෙමි. මට හිමි තිළිණය ලැබෙන බව මට විශ්වාසය".  (පාවුළු තුමා).

නායක පුරෝගාමියකු පමණක් නොව මිතුරෙකු, සොහොයුරෙකු හා ශක්තියක්ද වූ ඔබට වේදනා බර හදවතින් පතන්නෙමු සුබ ගමන් !

එච්. ෂෙල්‍ටන් පීරිස් 
YMCA  පුරෝගාමී සාමාජික 
කැනඩාව
2024.08.09

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip