Friday, July 19, 2024

තායිචුං තරුණයින්ගේ පමුණුගම සංචාරය

තායිවානයේ තායිචුං තරුණ ක්‍රිස්තියානි සංගමයේ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායනක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ මැදිහත්වීමෙන් සිදු වූ මෙම සංචාරය අතරතුර දින දෙකක් ගත කිරීම සඳහා ඔවුන් පමුණුගමට පැමිණියහ.

ජුලි 8 වන දින, ආබාධ සහිත ළමුන් සඳහා වන YMCA පාසලේ සංචාරයකින් වැඩසටහන ආරම්භ විය. සහභාගිවන්නන් දරුවන් සමඟ සෙල්ලම් කිරීම, නැටීම සහ ක්‍රීඩා වල නිරත වෙමින් අර්ථවත් සම්බන්ධතා ඇති කර ගත්හ.  සවස් වරුවේ ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් සමග විනෝද ක්‍රියාකාරකම් සහ  ගිනිමැලයක් සඳහා එක්වින.

පසුදින, සහභාගිවන්නන් සෙත්තප්පාඩුව ග්‍රාමයේ ධීවරයින් භාවිතා කරන තොටුපොලක් පිරිසිදු කරමින් සේවා කටයුත්තක නිරත විය.  සවස් කාලයේදී මීගමුව කලපුවේ සුන්දරත්වය සහ සොබා දහම අගය කිරීමට පිරිස එහි බෝට්ටු සවාරියක නිරත විය. 

පමුණුගම YMCA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ තරුණ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් YMCA පරිශ්‍රයේ පැවති සමුගැනීමේ BBQ රාත්‍රී භෝජන සංග්‍රහයකින් වැඩසටහන අවසන් විය.  සමුගැනීමේ සාදය අතරතුර තායිචූං තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණි.


No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip