Saturday, January 27, 2024

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි දරුවන්ගේ නිවාඩු මස කඳවුර

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් විසින් නිවාඩු මස කඳවුරක් සංවිධානය කළ අතර එමඟින් ප්‍රජාවන් දෙකෙහිම ළමුන් 47 දෙනෙකුට 2024 ජනවාරි 26 සහ 27 යන දෙදින තුළ පමුණුගම YMCA පරිශ්‍රයේ දී අමතක නොවන අත්දැකීමක් හිමි විය. 

කඳවුරේ මූලික අරමුණ වූයේ පමුණුගම සහ මීගමුව YMCA හී ළමුන් එක්රැස් කර සහභාගිවන්නන් අතර මිත්‍රත්වය සහ අවබෝධය ඇති කිරීමයි. මෙම වැඩසටහන කණ්ඩායම් ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් වලින් ආරම්භ වූ අතර, දරුවන්ට එකිනෙකා දැන හඳුනා ගැනීමට සහ බැඳීම් ඇති කර ගැනීම එය ඉවහල් විය.

ඉන්පසු කඳවුරුකරුවන් ගෘහස්ථ ක්‍රීඩා සහ කඳවුරු ගීත සමඟ සැසියක් පැවැත්වීය. ඉන්එ අනතුරුව පමුණුගම වෙරළ තීරයට පාගමණින් ගිය හදරුවන් එල්ලේ ක්‍රීඩා කරමින් සතුටු විය. ඉර බැස යන තුරු පරිසරයේ සුන්දරත්වය විඳි දරුවන් ඉන් අනතුරුව රාත්‍රී අහාරය සඳහා නැවතත් කඳවුරු භූමිය වෙත පැනිණෙන ලදි.

පමුණුගම සහ මීගමුව YMCA දෙකෙහිම උද්යෝගිමත් නායකයින් 12 දෙනාගේ නායකත්වයෙන් යුත් ගීත සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු විනෝදාත්මක ප්‍රසංගයකින් රාත්‍රිය ජීවමාන විය.

ඊළඟ දවසේ උදෑසන අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සම්මිශ්‍රණය වූ වැඩසටහනක් පවත්නවන ලදී. YMCA හි ඉතිහාසය සහ වටිනාකම් පිළිබඳ සැසියක් සඳහා ළමුන් සහභාගී වූ අතර පසුව ප්‍රශ්න විචාරාත්මක තරඟයක් ද පවත්වන ලදී. උදෑසන විශේෂත්වය වූයේ ෆොටෝ හන්ට් ක්‍රීඩාවයි, එහිදී කණ්ඩායම් සඳහා සපයා තිබූ ඡායාරූප ලැයිස්තුවක් මත පදනම්ව පරිසරයේ පැවැති ඒම අයිතම සොයා ගැනීමට ගවේෂණයක් ආරම්භ කළහ. 

මෙම කඳවුර දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ඉවහල් වූ අතරන් නිවාඩු කාලය තුළ දරුවන්ට අවශ්‍ය මානසික නිදහස සහ සතුට ළඟාකර දීමට හේතු වූ බව  තරුණ ක්‍රිස්තියානි සංගමයේ විශ්වාසයයි.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip