Monday, November 29, 2021

සිතියම්ගත කෙරෙන මීගමු කළපුවේ පාරිසරික විනාශයන්

මීගමු කළපුව අවට ප්‍රදේශයන්හී ධීවරයින්, සංවිධාන, සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් එක්ව මීගමු කලපුව සුරැකීමේ සංවිධානය ගොඩනගා ගනු ලැබූවේ විනාශ වෙමින් පවතින මීගමු කලපුව සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමටයි. මෙම ව්‍යාපාරය ගොඩනගා ගැනීම සඳහා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය මූලිකත්වය ගෙන කටයුතු කළ අතර මේ වන විට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයද එහි පාරශවකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.

මීගමු කලපුව සුරැකීමේ සංවිධානය මඟින් මීගමු කලපුව අවට සිදුවන පාරිසරික හානි වලක්වා ගැනීම සඳහා මේ වන විටත් අවස්ථා කීපයකදීම මැදිත්වී ඇති අතර එම ක්‍රියාවලියට සහය වීමට සහ ක්‍රමවත් කිරීම සඳහා කලපුව අවට සිදුවන පාරිසරික හානි ඩිජිටල් සතියම්ගත කිරීමට තිරණය කරන ලදි. එම සිතියම්ගත කිරීමේ ක්‍රියාවලියේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මූලික පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කරයි. පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණයින් 4 දෙනෙකු, ජනාවබොධ කේන්ද්‍රයේ සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යය මණ්ඩලය මේ වන විට මූලික අධියරේ වැඩකටයුතු සඳහා දායකවෙමින් සිටී. 

මේ අනුව සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මූලික සැළසුම් කිරීමේ සාකච්ඡාවක් 2021 ඔක්තොම්බර් මස 23 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්වින. ඉන් අනතුරුව 2021 නොවැම්බර් මස  21 වන දින කණ්ඩායම් දෙකක් වශයෙන් තොරතුරු රැස් කිරීම සඳහා කළපුව වටා සංචාරය කරන ලදි. මෙහිදී කලපුව ආශ්‍රීත කඩොලාන කැපීම්, කළපුවට සම්බන්ධ කොට ඇති කානු පද්ධති, කලපුව ආක්‍රමණය කරමින් ඉදිකොට ඇති ජැටි, තාප්ප, බැම් වැනි දෑ පිළිබඳව තොරතුරු ඒකරාශී කරගන්නා ලදි. මෙම තොරතුරු මේ වන විට "ගූගල් මයි මැප්" යොදවුම ආධාරයෙන් පරිගණක ගතකරමින් සිට්. 

තවදුරටත් තොරතුරු රැස් කිරීමට නියමිත අතර දිගින් දිගටම සිතියම යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවේ. ලබාගත් දත්ත සහ තොරතුරු මත ඉදිරි ක්‍රියාමාර්ග කළපුව සැරැකීමේ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට නියමිතව ඇත.





2 comments:

  1. ඔබ සැමගේ උත්සාහය අගය කරමි. සියලු කටයුතු සාර්ථක වේවායි පතමි.

    ReplyDelete
  2. කැපුන්ගොඩ YMCA නොවන්නට මේ කටයුතු සැලසුම් කිරීමට හා සාර්ථකව කරගැනීමට අපට නොහැකි වනු ඇත. නොවක් තුති!

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip