Friday, June 5, 2020

අළුත් සහල් අරන් උදවුවට නැගෙනහිර සිට ආ නෑදෑයෝ.

වසර 15 ක පමණ සිට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය, නැගෙනහිර පලාතේ ගෝමරන්කඩවෙල පිහිටි මැදවච්චිය ග්‍රාමයේ සහ උතුරු මැද පලාතේ හොරොව්පොතාන ප්‍රදේශයේ ජනතාව සමග සුහදව කටයුතු කරමින් සිටී. මේ කාලය අතර තුර අධ්‍යාපනය, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර ඔස්සේ  මෙන්ම ගංවතුර සහ නියං වැනි ආපදා තත්ව හමුවේ විවිධ සමාජ මෙහෙවරයන්හී යෙදීමේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අවස්තාව ලැබීම භාග්‍යයක් කොට සළකමු. ඒ සඳහා පූර්ණ මැදිහත්වීම සහ මගපෙන්වීම ලබාදුන්නේ, එම ප්‍රදේශවලට බෞද්ධ ජනතාවට නායකත්වය සපයන වැලිමුවපතානේ පියරතන ස්වාමින්වහන්සේ සහ ගල්කඩවෙල සුමනසාර ස්වාමින්වහන්සේ විසිනි.

උන්වහන්සේලාගේ මැදිහත්වීමෙන් සහ නායකත්වයෙන් ගෝමරන්කඩවෙල ජනතාවගේ ප්‍රජා මෙහෙවරක් ලෙස සංගමයේ කොවිඩ් 19 ආපදා ප්‍රතිචාර වැඩසටහන සඳහා සහල් පරිත්‍යාගයක් සමඟ මැයි මස 30 වන දින පමුණුගමට උන්වහන්සේලා වැඩම කරන ලදි. මේ අවස්තාව සඳහා පියරතන සහ සුමනසාර හිමිවරුන්ට අමතරව හොරොව්පොතාන පිරිවෙනේ පිරිවෙනාධිපති අළුවිහාරේ විමල රතන හිමි මෙන්ම හොරොව්පොතාන මධ්‍ය මහ විද්‍යාලයේ උප විදුහල්පති එම්. බී. එම්. ඩී. බන්ඩාර මහතාද සහභා විය.

මෙහිදී අදහස් දැක්වූ ගල්කඩවෙල සුමනසාර හිමි පවසා සිටියේ වසර ගනනාවක සිට විවිධ අවස්තා වලදී සමීපව කටයුතු කල පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මිතුරන් හට මේ මොහොතේ ප්‍රති උපකාරයක් මෙන්ම හිතවත්කම් අලුත් කර ගැනීමට මෙමෙ ගමන පැමිණි බවයි. සංගමය වෙනුවෙන් උන්වහන්සේලාට ස්තූතිය ඵලකරමින් අරුණ ශාන්ත නෝනිස් මහතා පවසා සිටියේ, මේ මොහොතේ සහල් යනු අප ප්‍රදේශයේ ජනතාවට නොමැති, නමුත් අත්‍යාවශ්‍යම දෙයක් ලෙසයි. එමෙන්ම මෙම අවස්තාවේ සංගම් ඉතිහාසයේ ඉතා වැදගත් දිනයක් මෙන්ම සිදුකර සත් ක්‍රියාව වෙනුවෙන් ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කරන ලදි.



No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip