Friday, April 12, 2019

පාස්කූ මෙහෙය - 2019

පමුණුගම තරුණ ක්‍රිස්තියානි  සංගමයේ අධ්‍යාත්මික හා සුබසාධන කමිටුව පාස්කූ සමය නිමිතිකොටගෙන පවත්වනු ලැබු පාස්කූ වැඩසටහන 2019 අප්‍රියල් මස 11 වන දින රාතී්‍ර 7.00 සිට 09.00 වන තෙක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවෙිිදි පවත්වනු ලැබීය. පාස්කූ සමයේ ඇති වැදගත්කම අවබෝධ කරගැනීම, සමාජ අභියෝග හා පරික්ෂාවන්ට සාර්ථකව මුහුණ දෙන ආකාරය, පාස්කූ සමය තූළ යැදීම හා මර්ධන ක්‍රියාවන් හි යෙදීමෙි ඇති වැදගත්කම අවබෝධ කරගැනීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පැවති මෙම වැඩසටහන මෙහයවනු ලද්දේ අප ප්‍රදේශයෙන්ම බිහිවු පුජක පුතෙකූ වන ගරු නිලන්ත රන්ජුල පියතූමන් විසිනි. මෙම වැඩසටහන සඳහා අප සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතූඵ 80 දෙනෙකූගේ පමණ සහභාගීත්වය දක්නට ලැබිණි. 

වැඩසටහන සදහා ප්‍රවෙිශය ලබා ගනු ලැබුවෙි පාපය හදුනාගනිමු යන තේමාව ඔස්සෙ අප සංගමයේ ළමා හවුල විසින්  ඉදිරිපත් කරන ලද අභිරූපණ රංගනයකිනි. අනතූරුව පැමිණ සිටි  පිරිස කණ්ඩායම් කොට ඔහුන් වෙත තෝරා ගත් බයිබල් පාඨයන් කිහිපයක් සාකච්චා කිරිමට අවස්ථාව ලබා දෙන ලදී. ප්‍රථමයෙන්ම පිරිස තෝරා ගත් බයිබල් පාඨයන් තම කණ්ඩායම තූළ සාකච්චා කරමින්ද අනතූරුව එම අදහස් පැමිණ සිටි සියඵ දෙනා අතරේද බෙදාගන්නා ලදී. අවසාන වශයෙන්  ගරු පියතූමන් මෙකී සියඵම බයිබල් පාඨයන් පැමිණ සිටි පිරිසට අවබෝධ කරදෙන ලද්දේ කාගෙත් අවධානය ලබා ගනිමිනි.

බයිබල් සාකච්චාව අවසානයේදි වන්දනා වැඩසටහනක්ද පැවති අතර පැමිණ සිටි පිරිස ඉටි පහන් දල්වමින් මෙි සදහා බැතිමත් ලෙස සහභාගී විය.රාත්‍රි 09 පමණ වන විට වැඩසටහන නිමාවට පත්කෙරුණු අතර මෙම පාස්කූ සමය තූළ  ක්‍රිස්තූස් වහන්සේව හදුනාගනිමු යන අධිෂ්ඨානය පෙරදැරිව පැමිණ සිටි පිරිස විසර ගියේ සංගමයටද සිය ස්තූතිය පුදකරමින්ය.       


















No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip