මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මාකලෝසා සිහිනය පාසල විසිනි. මෙලෙස එක්වී කටයුතු කළ හැකි සංවිධානවල එකමුතුවක් ගොඩනැගීමේ මුඛ්‍ය පරමාර්ථය නම්, විශේෂිත හැකියාවන් සහිත දරුවනට සමාජය තුළ හිමිවිය යුතු සම අයිතීන් සහ වටිනාකම් ඔවුන් වෙත ලඟාකරදීම එකමුතුව කටුයුතු කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සාදා ගැනීමයි.
මෙම රැස්වීම සඳහා මාකලෝසා සිහින පාසලද ඇතුලත්ව පාසල් 5 ක (නුවර තරුණ ක්‍රිස්තියානි සංගමය, නුවර එළියේ මෙන්කැප්, කපුවත්ත ඩිවයින් කෙයාර් මධ්‍යස්ථානය, රජවත්ත සන්තෝෂා පදනම) ආචාර්යය වරුන් / කළමණාකරුන් සහභාගී විය.
මෙදින, තම සංවිධාන පිළිබඳව අදහස් බෙදාගැනීමක් මෙන්ම අත්දැකීම් බෙදාගැනීමක් පැමිණ සිටි පිරිස සිදුකරන ලදි. ඊට අමතරව එක්ව කටයුතු කිරීම පිළිබඳවද සාකච්ඡා වූ අතර එම අදහස් වලට මුල් තැන දෙමින් ඉදිරි වැඩපිළිවලක් සකසා ගැනීමට එකඟ විය. මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳව මාකලෝසා පාසල ඇතුළු පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට පැමිණි පිරිසගේ ප්‍රසාදය හිමිවූ අතර මීලඟ රැස්වීම ඔක්තොම්බර් මස 24 වන දින පැවැත්වීමට තීරණය විය.