Friday, September 4, 2020
We All Fly in the Same Sky - YMCA Kite Festival
"Nihanda" Reaches half century
Thursday, September 3, 2020
කැපුන්ගොඩ අහස වර්ණවත් කළ YMCA සරුංගල් උළෙල
2020 අගෝස්තු මස 30 වන දින සවස පැවති මෙම සරුංගල් උළෙල සඳහා සරුගල් 70 ක් පමණ ඉදිරිපත්වී තිබූ අතර එවා විවිධ වර්ණයන්ගෙන් සහ හැඩතළවලින් යුක්ත විය. තරඟය සඳහා සංගමයේ විවිධ වැඩටහන් සඳහා සහභාගීවන ළමුන් සහ සෙත්තප්පාඩුව කැපුන්ගොඩ මෙන්ම අවට ගම්මාන නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වීම විශේෂත්වයකි.
තරඟ කරුවන්හ ට මූදලින් ත්‍යාග ලබාදීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය කටයුතු කර තිබින. ප්‍රථම ස්ථානය රු. 10,000/=, දෙවන ස්ථානය රු. 7,000/=, තුන්වන ස්ථානය රු. 5,000/= ලෙස මූදල් ත්‍යාග පිරිනැමුණු අතර තවත් තරඟ කරුවන් 15 දෙනෙකු සඳහා රු. 1,000 බැගින් වූ සැනසිලි ත්‍යාග ලබාදෙන ලදි. සැනසිලි ත්‍යාග පහක් සඳහා බෝර්න් ටු වින් ආයතනය අනුග්‍රහය දක්වන ලදි.
මෙම උළෙල නැරඹීමට පන්සීයකට අධික ජනතාවක් සහභාගී වූ අතර තරුඟ විනිශ්චය සඳහා දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමන් සහ කාර්යය මණ්ඩළ නිළධාරියෙකු සහභාගී විය. වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ස්ථානාධිපතිතුමන් ප්‍රකාශකර සිටියේ මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම තුළින් ප්‍රදේශයේ දරු දැරියන් සහ වැඩිහිටියන් හට විනෝද වීමට අවස්ථාව සැළසෙන අතර ජනතාව අතර සුහදතාවට වර්ධනයවීම සිදුවන බවයි. එමෙන්ම පසුගිය වතාවන්ට වඩා වැඩි පරිශ්‍රමයක් යොදා සරුංගල් නිර්මාණයකොට තිබූ බවද ස්ථානාධිපති තුමන් ප්‍රකාශකරන ලදි.
සරුංගල් උළෙලේ සංවිධාන කටයුතු සිදුකිරීමේදී පාලක මණ්ඩළය සහ තරුණ සාමාජික සාමාජිකාවන් ඉමහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කරන ලදි. ඔවුන්ට සංගමයේ ප්‍රණාමය පුදකෙරේ.
නිහඬ 50 වන පියවර එලිදකී
"නිහඬ" පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නිළ පුවත් ලිපියයි. නිහඬ පළමු කලාපය 1978 වසරේ මැයි මස 01 දින පළකෙරිණ. එතැන් පටන් නිහඬ ආ දිගු ගමනේ පනස්වන පියවර 2020 අගෝස්තු මස 30 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී එළිදැක්වින. නිහඬ පනස්වන කලාපය පසුගිය කලාප වලින් උපුටාගත් ලිපි සහ නිර්මාණවල එකතුවකින් සමන්විත පොතක් වශයෙන් ඉදිරිපත්කොට ඇත.මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා සංගමයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, ක්‍රියාකාරී සාමාජිකාවන්, නිහඬ සඳහා ලිපි සකසමින් සහ සංස්කරණයේ යෙදෙමින් සහයවූවන් ඇතුළු ආරාධීතයින් පිරිසක් සහභාගී විය.
මෙහිදි, "නිහඬ" ආ ගමන සහ ලැබූ අද්දැකීම් පිළිබඳව නැවත හැරී බැලිමක් සිදු කෙරිණ. මීට අමතරව නීතීඥ වින්සන් බූලත්සිංහල මහතා විසින් ප්‍රධාන දේශනය "සිවිල් සමාජ වගකීම් සහ මාධ්‍යයේ කාර්යයභාරය" යන මැයින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබින.
1978 වසරේ සිට 50 වන පියවර තෙක් නිහඬ සංස්කරණය කරමින් දායකවී තිබූ පැරණි සහ වර්තමාන සාමාජික සාමාජිකාවන් 7 දෙනෙකු ද අගයමින් සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරුනු අතර නිහඬ 50 වන පියවරේ මුල් පිටපත් ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා වෙනුවෙන් නීතීඥ වින්සන් බුලත්සිංහල මහතාට පුදකරන ලදි.
මෙම චාම් උත්සවය වර්ණවත් කරමින් සංගමයේ ළමා සහ තරුණ සාමාජික සාමාජිකාවන් විසින් නර්තනයක් සහ ගීතයක් ඉදිරිපත් කෙරිණ.
Programme Calendar
- 27 October, 2015 - Reading Camp at Peralanda
- 24 October, 2015 - Rover Phase 01 Training
- 15 October, 2015 - Pre-School Fair
- 04 October, 2015 - Children's Day
- 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
- 12 September, 2015 - Day Camp at Colombo YMCA
- 24-26 August, 2015 - Scout Camp at Riverstan
- 31 July, 2015 - Prefects Training Workshop
- 31 July, 2015 - Pre-School Exhibition
- 27 June, 2015 - Pre-school Trip