Monday, July 14, 2025

පමුණුගම සහ මීගමුව YMCA හි තරුණයින් ශ්‍රී පාද කඳු මුදුන තරණය කරයි

පමුණුගම YMCA හි තරුණයින් 8 දෙනෙකු සහ මීගමුව YMCA හි තරුණයින් 11 දෙනෙකු 2025 ජූලි 10 සිට 12 දක්වා ආදම්ගේ කඳු මුදුනට (ශ්‍රී පාද) ත්‍රාසජනක කඳු නැගීමක නිරත විය.

ඔවුන් දුම්රියෙන් හැටන් දක්වා ගමන ආරම්භ කළ අතර, පසුව නල්ලතන්නියට ගමන් කළහ. එය ශ්‍රී පාද අවාර කාලය කාලය වූ බැවින්, තරණය කිරීමට ප්‍රථම පොලිසියෙන් විශේෂ අවසරයක් ලබා ගත්හ. ඔවුන් නල්ලතන්නිය මාර්ගයෙන් ගොස් සවස් කාලයේදී මුදුනට ළඟා වූයේ මීදුම සහිත සුන්දර දර්ශන මැදිනි.

නැවත පහළට බැසීම වුන් ආරම්භ කළේ කුරුවිට ප්‍රදේශයට වැටී තිබූ මාර්ගය ඔස්සේය. අඳුර වැටෙනවාත් සමඟ ඔවුන් එම මාර්රගයේ වූ අම්බලමක රාත්‍රී ගෙවන ලදී.  එය අධික සීතල රාත්‍රියක් වූ නමුත් සැමට විනෝදජනක සහ අමතක නොවන අත්දැකීමක් ද විය.

පසුදා උදෑසන, නැවතත් පහළට බැසීම ආරම්භ කළ ඔවුන් සන්ධ්‍යාව වන විට අඩවිකන්ද ප්‍රදේශයේ පිහිටි  පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හවුල්කාරීත්වය දරන කඳවුරු භූමිය වෙත  ලඟා විය.

 මෙම කඳු නැගීම සොබාදහම රස විඳීමට, නව මිතුරන් ඇති කර ගැනීමට සහ YMCA දෙක අතර ශක්තිමත් බැඳීම් ගොඩනඟා ගැනීමට කදිම අවස්ථාවක් විය. එය සැබෑ YMCA අත්දැකීමක් විය. එහි ත්‍රාස්‍ය, විනෝධය, මිත්‍රත්වය මෙන්ව ඉගෙනීමට බොහෝ දෑ පිරී තිබින. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip