ජූලි 4 වනදා වැඩසටහන ආරම්භ වුයේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සහ වටාපිටාව හඳුන්වාදීමත් සමඟය. එදින සන්ධ්‍යාවේදී ඔවුන් ආබාධිතතාවයන් සහිතව ජීවත්වන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක් පිරිසිදු කිරීම සහ තීන්ත ආලේපනය කිරීමේ සේවා කටයුත්තක නිරත විය.
ජූලි 5 වනදා උදෑසන විදේශික තරුණ තරුණියන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ හඳුනා ගැනීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රම දානයක් සඳහා සහභාගි විය. එහිදී ඔවුන් දිරාපත් නොවන අපද්‍රව්‍ය බෑග් 100 කට අධික ප්‍රමාණයක් එකතු කළ අතර, එය විශාල පරිසරමය දායකත්වයක් විය. එදිනම සන්ධ්‍යාවේදී ඔවුන් තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදර්ශ ගෙවත්තේ විවිධ එළවළු පැළ සිටුවමින් තවත් සේවා කටයුත්තක නිරත විය. ඉන් අනතුරුව සන්ධ්‍යාවේදී මීගමු කලපුවේ බෝට්ටු සංචාරයකට එක් වූ ඔවුන් ප්‍රදේශයේ අසිරිය විඳගන්නා ලදී.
ජූලි 6 දින, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් ලංකාව තුළ ප්‍රචලිත කරමින් සිටින "කුබ්" නමැති ස්කාන්ඩිනේවියානු ක්‍රීඩාව හඳුන්වාදීමත්, පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හි දරුවන් සහ තරුණ තරුණියන් සහභාගි වූ කුබ් තරගාවලියකට සහභාගි වීමත් සිදු විය. මේ සඳහා තිදෙනා බැගින් වූ කණ්ඩායම් දාසයක් සහභාගී වූ අතර මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කළ අයෝමි, මලිදු සහ ඉසුරු ශූරතාවය දිනා ගත් අතරන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාල දක්ෂ කණ්ඩායමේ නියෝජනය කළ රුසිරු, සිහන්ස සහ තවත් දරුවෙකු විසින් ශූරතාවය දිනාගන්නා ලදි. එදිනම සංගමයේ දරුවන් වෙනුවෙන් සූදානම් කොට තිබූ විනෝධ ක්‍රියාකාරකම් කිහිපයක් ද තායිකචූං තරුණ කණ්ඩායම විසින් මෙහෙය වන ලදි.
ජූලි 7 වැනිදා ඔවුන් කපුන්ගොඩ සාන්ත අන්තෝනි විද්‍යාලයේ දොරවල් කීපයක් තීන්ත කිරීමේ ශ්‍රමදානයකට එක් වෙමින් එම පාසලේ සිසු සිසුවියන් සඳහා වඩාත් අලංකාර ඉගෙනුම් පරිසරයක් ඇතිකරදීමට දායක වූහ. එදින සන්ධ්‍යාවේ දී සංගමයේ දරු දැරියන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රියාකාරකම් කීපයක් ද ඔවුන් විසින් නැවතත් පවත්වන ලදී.
ජූලි 8 උදෑසනදී විදේශීය කණ්ඩායම මාකලෝසා සිහින පාසල වෙත පිවිසිය. එහිදී පාසලේ සිසුන් ගුරුවරියෙන් සහ දෙමාපියන් සමඟ සංවාදයකට එක් වන ලදී. ඉන් අනතුරුව දේශීය කෑම මේසයක රස බැලීමේ අවස්ථාව ඔවුන් වෙත හිමි විය. ඉන් පසුව ඔවුන් පමුණුගම බාලිකා ළමා සුරකුම් මධ්‍යස්ථානයේ එළවළු සහ පලතුරු පැල සිටුවීමේ ශ්‍රමදානයකටද එක් විය.
අවසාන දිනය වන ජූලි 9 දින සවස් වරුවේ මාකලෝසා සිහින පාසලේ, බාල දක්ෂ කණ්ඩායමේ සහ පෙර පාසලේ දරු දැරියන් මෙන්ම විදේශික තරුණ තරුණියන්ගේ ද හැකියාවන් ඉදිරිපත් කරනු ලැබූ සංස්කෘතික වැඩසටහනක් පැවැත්විණ. පමුණුගම ගත කළ දින කීපය අවසන් කරමින් එදින රාත්‍රියේ සාදයක් සංවිධානය කෙරිණ. එහිදී රංගනයේ යෙදෙමින් ගීත ගායනා කරමින් සහ ප්‍රණීත ආහාර පානයන් රස විඳිමින් සියලු දෙනා සතුටින් කාලය ගත කරන ලදී. මේ සඳහා පාලක මණ්ඩල සාමාජිකයින් තරුණ තරුණියන් සහ සංගමයේ කාර්ය මණ්ඩලයද එක් විය. පමණුගම ගත කළ කාලය සිහිකරමින් ත්‍යාග සහ මතක සටහනක් බෙදා ගැනීමටද මෙය අවස්ථාවක් විය.




No comments:
Post a Comment