2024 දෙසැම්බර් 8 වන දින පස්වරුවේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය එහි 50 වන සංවත්සරය සැමරමින් ස්තුති පුදකිරීමේ දේව මෙහෙයක් පවත්වන ලදී. මෙම මෙහෙය සරත් ඉද්දමල්ගොඩ පියතුමා විසින් මෙහෙයවන ලද අතර යාඥා සංවිධානය කිරීමට සහ මෙහෙයවීමට තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය දක්නට ලැබිණි. මෙහෙයේ ප්‍රධාන දේශනය තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ සභාපති ගරු සමන් පෙරේරා පියතුමා විසින් පවත්වන ලදී.
තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ජාතික ප්‍රධාන ලේකම් සහ උප සභාපතිවරුන් වන නිලානි මන්ත්‍රීනායක සහ රිචඩ් ජෑන්ස් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු මෙම දේව මෙහෙයට සහභාගී විය. සැමරුමට ජාත්‍යන්තර නියෝජනයක් එක් කළේ මියුනිච් YMCA හි ප්‍රධාන ලේකම් ස්ටෙෆාන් නික්ලස් සහ එහි ස්වේච්ඡා සේවකයෙකු වන මාටින් මහතා ය.
YMCA සාමාජිකයින්, සුභ පතන්නන් සහ අමුත්තන් ඇතුළු සාමාජිකයින් 150 ක් පමණ මෙම දේව මෙහෙයට සහභාගී වූහ. ඔවුන් එක්ව, අතීත සාමාජිකයින්ගේ දායකත්වය සඳහා ස්තූතිවන්ත වූ අතර ඔවින්ගේ සේවාව වෙනුවෙන් මෙන්ම දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් වෙනුවෙන් සහ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද දෙවිඳුන් යදින ලදි.
දේව මෙහෙය අතරතුර YMCA පෙර පාසලේ සහ මාකලෝසා සිහින පාසලේ සිසු සිසුවියන් විසින් අලංකාර නර්තනයන්ද ඉදිරිපත් කරන ලදී.
පින්තූර සඳහා ක්ලික් කරන්න
No comments:
Post a Comment