පමුණුගම YMCA නියෝජනය කරමින් මෙම වැදගත් ජාත්‍යන්තර උත්සවයට සහභාගී වීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා හට ද ආරාධනා ලැබී තිබිණ.
දින හතරක් පුරා පැවති සැමරුම අතරතුර පැවැති ආරම්භක සංස්කෘතික උත්සවය, YMCA ප්‍රජා සේවාවන් පිළිබඳව දැන ගැනීම සඳහා සංවිධානය කර තිබූ නිරාවරණ චාරිකා, හොංකොං නගරය දැක ගැනීම සඳහා වන චාරිකා, සියවස් සැමරුම් මෙහෙය සහ ප්‍රධාන සැමරුම් රාත්‍රී භෝජනය යන අවස්ථා සඳහා රිද්ම ෆොන්සේකා සහභාගීි වන ලදී .
සමස්තයක් වශයෙන්, සියවස් සැමරුමට සහභාගි වීමට ලැබීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරි විය. උණුසුම් ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට සංවිධාන කටයුතු වෙනුවෙන් හොංකොං YMCA හි ප්‍රධාන ලේකම් පීටර් හෝ මහතාට සහ සමස්ත සංවිධායක කණ්ඩායමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සිය කෘතඥතාව පළ කරයි.



No comments:
Post a Comment