Wednesday, December 3, 2025

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පණිවිඩය

ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දිනය සමරන අද දිනයේදී අප සංගමයේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහනක් වන මාකලෝසා සිහින පාසලේ දරුවන් වෙත අපගේ සුභ පැතුම් පුද කරමු. අපගේ පාසල ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් සහ ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ට සහාය වන අතර, අපි සෑම දරුවෙකු තුළ පවතින ආවේණික ගුණාංග ඉහලින් අගය කරමු.   

ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමේදී අපි සෑම විටම සංවේදී, මෘදු සහ කල්පනාකාරී විය යුතුය. ඔවුන්ගේ මානව ගෞරවය, ආරක්ෂාව සහ සතුට පළමුකොට සැළකිය යුතු යැයි අපි විශ්වාස කරමු. එමෙන්ම මෙවැනි දරුවන්ගේ දෙමාපියන් මෙම දරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් සහ කැපවීම් සමුදායක් සිදුකරන අතර ඔවුන්ව බලගතු කිරීමද අතිශය වැදගත් වේ.

ලොව පුරා සිටින සියලුම ආබාධ සහිත පුද්ගලයින් වෙත අපගේ සුබ පැතුම් මෙම විශේෂ දිනයේදී එක් කරන අතර  ඔවුන් සියලු දෙනා සෑම අවස්ථාවකදීම අන්තර් කරණය තුළ පූර්ණ මානව හිමිකම් භුක්ති විදින පුරවැසියන් බවට පත්වීමට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.  

එමෙන්ම ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය වෙනුවෙන් ලොව පුරා කැපවී කටයුතු කරන සියලු පුද්ගලයන්ද සියලුම සංවිධානද අපි හිතා ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. 

ගෞරවයෙන්,

මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip