ඔක්තෝබර් පළවෙනි දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය පමුණුගම YMCA හි YMCA බාලදක්ෂයින් 26 දෙනෙකු සහ මකලෝසා සිහිනය පාසලේ බාලදක්ෂයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තොම්බර් 04 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී සමරන ලදී. මෙම අවස්ථාවට තරුණයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකුගේ සහාය ලැබුණි.
වැඩසටහන ආරම්භ වූයේ බාලදක්ෂ රැලියත් සමගිනි. ඉන්පසු නිර්මාණාත්මක ඔරිගාමි සැසියක් පැවැත්වූ අතර එහිදී ළමයින් සුළඟේ කැරකෙන කඩදාසි පංකා සෑදූහ. ඉන් අනතුරුව දරුවන් ගීත කීපයකට කණ්ඩායම් නර්තනයේ යෙදුනේ ඉතා සතුටින් සහ උද්යෝගයෙනි.
පසුව බාලදක්ෂයින් මිත්‍රත්වය, කරුණාව සහ පිළිගැනීම පිළිබඳ වටිනා පාඩමක් කියා දුන් නීමෝ සහ ලයිකා කෙටි චිත්‍රපට නැරඹූහ. එයින් අනතුරුව සියළුම දෙනා එක්ව දිවා හආහාරය ගැනීමෙන් පසු වැඩසටහන නිමා විය
මෙම සැමරුම දරුවන්ට සතුට හා උද්යෝගය ගෙන දුන්නා පමණක් නොව, සුපුරුදු පරිදි YMCA ක්‍රියාකාරකම් හරහා සිදුවන මකලෝසා සිහින පාසලේ සහ YMCA බාලදක්ෂයින් අතර ඇති බැඳීම ශක්තිමත් විය.
No comments:
Post a Comment