Wednesday, October 15, 2025

"ඔබගේ දරුවා සුරක්ෂිතද" - දෙමාපිය දැනුවත් කිරීම

දුංගාල්පිටිය පොලිසියට අනුබද්ධ සෙත්තප්පාඩුව ග්‍රාමයේ මහජන ආරක්ෂක කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ දෙමාපිය දැනුවත් කිරීමක් ඔක්තෝබර් මස 11 වන දින මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. 

එම දැනුවත් කිරීම ප්‍රධානය ඉදිරිපත් කිරීම් දෙකකින් යුක්ත වූ අතරේ පළමුවැන්න වූයේ දරුවන්ගේ යහ පැවැත්ම සඳහා දෙමාපියන්ගේ වගකීම කුමක්ද යන්නයි. විශේෂයෙන්ම දරුවන් සංවර්ධනය කිරීමේදී පවුල් පරිසරය හොඳින් පවත්වා ගැනීමේ වැදගත්කම මෙන්ම දෙමාපියන්ගේ ආදර්ශමත් හැසිරීමේ වැදගත්කම මෙහිදී සංවාදයට ගැණින. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරි අධිකාරි මහතා විසින්ම පළමු සැසිය මෙහෙයවන ලදී. 

දෙවනුව තම ඉදිරිපත් කිරීම සිදුකළේ දුංගාල්පිටිය පොලීසියේ ස්ථාන භාර නිලධාරි තුමියයි. ඇයගේ ඉදිරිපත් කිරීම තුළ විශේෂයෙන්ම අවධානය යොමු කළේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන නීතිමය පසුබිම සහ දරුවන් හට යම් පචාරයක් හෝ අපහරණයක් සිදුවූ අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවයි. 

මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ දෙමාපියන් ඇතුළු විසි දෙනෙකු පමණ ගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගි විය. මෙම වැඩසටහන සඳහා සහභාගි වීම තුළින් ඉතා වටිනා කරුණු රැසක් දැන ගැනීමට ලැබුණු බව සහභාගී වූ දෙමාපියන් විසින්ම පවසන ලදී. වැඩසටහනක් සාර්ථක කර ගැනීම සඳහා ශාලාව සහ සංග්‍රහ කටයුතු සඳහා දායක වෙමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට ද  මැදිහත් වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙමු.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip