Monday, October 10, 2022

සනීපාරක්ෂාව සඳහා කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කරමු - Securing Women Rights for Hygiene Facilities

සනීපාරක්ෂක තුවා මිල අතිෂයින් ඉහල යෑමත් සමඟ කාන්තාවම දැඩි අපහසුතාවයන්ට මුහුණපාමින් සිටී. විශේෂයෙන් පාසල් යන වයසේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙම තත්වය බලපා ඇති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ. එක් පසකින් මෙය කාන්තාවන්ට පමණක් සුවිශේෂී කාරණයක් මෙන්ම ජන සමාජය තුළ විවෘතව කතා නොකෙරෙන මාතෘකාවක් බැවින් බොහෝදෙනාගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ අනුව කාන්තාවන් හට සනීපාරක්ෂාව සඳහා ඇති අයිතිය දැඩි ලෙස අවදානමකට ලක්වී ඇත.

මෙම තත්වය යටතේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ඩෙන්මාර්කයේ ශාන්තා ජෝර්ජ් වැඩිහිටි බාලදක්ෂ කණ්ඩායම හා එක්ව නැවත භාවිතාකල හැකි සනීපාරක්ෂක තුවා කට්ටල පාසල් යන වයසේ සිසුන් 95 දෙනෙකුට ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි. මීට සමගාමීව පාසල් යන වයසේ දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්වද කාන්තා සනීපාරක්ෂාව සහ යහපත් මානව සබඳතා ගොඩනගා ගැනීම හරහා දරුවන් ආරක්ෂා කරගැනීම පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදුවේ.

මෙහි පලමු අදියර 2022 ඔක්තොම්බර් මස 8 වන දින මීගමුව ජනාවබෝද කේන්ද්‍රයේ දී පැවති අතර, මෙම වැඩසටහ සඳහා ජනාවබෝද කේන්ද්‍රය හා සම්බන්ධ කාන්තා සමිති නියෝජනය කරමින් ගැහෑනු දරුවන් සහ දෙමාපියන් 50 කට ආසන්න පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන සඳහා සංගමයේ නියෝජිතයින් 6 දෙනකු සහ ජනාවබෝද කේන්ද්‍රයේ ප්‍රධාන ලේක්ම්තුමියද සහභාගී විය. දෙවන පියවර ඔක්තෝම්බර් මස 15 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දී පැවැති අතර එහිදී සංගමයට සම්බන්ධ දැරියන් 15 දෙනකු සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීම් සහ සනීපාරක්ෂක තුවා කට්ටල බෙදාදීම සිදුවිය. මෙම වැඩ වැඩසටහන් දෙකෙහිම දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ හිමල්ෂා චමෝදි මහත්මිය විසින් සිදුකල අතර මේ වනවිට සනීපාරක්ෂක තුවා කට්ටල 45 ක් බෙදාදීම සිදුකර ඇත.

Increasing prices of sanitary napkins, has become an added burden to the women in Sri Lanka among many other hardships they are going through at the moment . It is reported from many areas that this situation has also affected the education of girls. Due to the nature of the issue and cultural barriers in discussing openly, this has been neglected by many responsible parties. As a result, women's right to sanitation is severely compromised.

Under this situation, Young Men's Christian Association of Pamunugama started a program to provide reusable sanitary napkin sets to 95 school age students in collaboration and sponsorship of Sct. George Gilderne (Fellowship of Adult Scouts) in Denmark.

Along with this distribution, girls in school age as well as their parents are also educated on menstrual hygiene related issues and the importance of maintaining a good child-parent relationship.

The first phase of this was held on the 8th of October 2022 at the Janavaboda Kendraya in Negombo. Nearly 50 mothers and girls and parents participated in this program representing the Women's Groups associated to the Janavaboda Kendraya. 6 representatives YMCA and the Chief Executive Officer of Janavaboda Kendra also participated in this program. Second phase of the distribution and the awareness was held at the YMCA of Pamunugama for 15 girls and their parents attached to various YMCA programmes. Mrs. Himalsha Chamodi of the YMCA of Pamunugama joined as the resource person to raise awareness on both events. 46 sets of sanitory pads are distributed so far. We extend a special thank to Ms. Gitte Staehr for coordinating this kind and timely action.

No comments:

Post a Comment